Thursday, July 1, 2010

ලිංගික අධ්‍යාපනය හා දරුවන්


ශ‍්‍රි ලංකාව වැනි ආසියානු රටවල් වලදී ලිංගිකත්වය වැනි මාතෘකා විවෘතව සාකඡඡ කිරීම ඉතා අවම මටිටමක පවතී.

නමුත් දරුවන් යොවුන් වියට පැමිණීමෙිදී ඔවුන් එය පිලිබදව දැඩි කුතුහලයකින් කටයුතු කරන බව අප දන්නා කරුනක් .

ඒ නිසා දරුවන්ට ලිංගික අධ්‍යපනය ලබා දීම ඉතා වැදගත් බව ළමා මනෝවිද්්‍යාඥයින්ගේ අදහසයි.

තවද ඒ සමග HIV වැනි රෝග පිලිබද දැනුවත් කිරීම ඉතාමත් වැදගත් බවද සදහන් කල යුතුයි.

අප දන්නා පරිදි ශ‍්‍රි ලංකාවෙි අධ්‍යපන ක‍්‍රමය තුලදී පාසලේ නව වැනි වසරේදී මෙි පිලිබද සෞක්‍ය හා ශාරීරික අධ්‍යපනය විෂය යටතේ හොද අධ්‍යපනයක් ලබාදීම සිදුවෙි.

නමුත් එය ප‍්‍රමාණවත්ද යන්න ගැටලු සහගතයි.

සමාජ විද්්‍යඥයින්ගේ අදහස් වලට අනුව මෙම කරුණු කාරනා පිලිබද නිවස තුලදීද දරුවා දැනුවත් කිරීම යන කාරනය ඉතා වැදගත් බව සදහන්.

එවිට යොවුන් වියේදී මතුවන කුතුහලය සමගින් දරුවන් නොමගයෑම අවම කරගත හැකියාව පවතී.

තවද ඔබ දන්නවාද ශ‍්‍රී ලංකාව තුලද HIV අසාදිත පාසල් දරුවන් සිටින බව.

අනාවර්නය වී ඇති HIV අසාදිත පාසල් දරුවන් සංඛ්‍යාවට අමතරව සිටින සංඛ්‍යායව කොපමණ විය හැකිද?

එවැනි කරුනු කාරනා නිසා අපට එක් දෙයක් ඉතා හොදින් අවධාරනය කර ගත හැක. එනමි දෙමාපියන් තමාගේ දරුවාව මෙවැනි කාරනා පිලිබද දැනුවත් කල යුතු බවයි.

http://www.bbc.co.uk/schools/parents/sex_education_support/

http://en.wikipedia.org/wiki/Sex_education

පියාඹන කාර්


පියාඹන කාර් යන්න ඇසූ විට ඔබෙ මතකයට හැරී පෝටර් චිත‍්‍ර පටය මතකයට එනු ඇත.

අප සුරංගනා කතා වලදී ඇසූ සමහර දේ තාක්ෂණයේ දියුණුවත් සමගින් යථාර්තයක් වන අවස්තා අප දැක ඇත.

කාරයක හැඩයෙන් යුතු ගුවන් යානයක් නිපදවීමට ඇමරිකානු Massachusetts-based engineering firm ආයතනය සමත්ව තිබෙනවා.

මෙයට කාරයක හැඩය පමණක් නොව පැයට සැතපුමි 65 ත් 70 ත් අතර වෙිගයකින්ද මාර්ගයේ ගමන් කිරීමෙි හැකියාව ඇති බවද සදහන්.

මෙම නිර්මාණයට FAA සහතිකය බලාපොරොත්තුවෙන් සිටින බවද වැඩිදුරටත් සදහන්.

ශී‍්‍ර ලංකාවේ ආයෝජනයට බිය විට යුතු නෑ


ඵසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවේ පැවති යුධමය තත්වය නිසා ලොව බොහෝ වි්‍යාපාරිකයින් ලංකාවේ ආයෝජනයට යම් බියක් තිබූ බව පෙනීගිය කාරනයක්.

ශී‍්‍ර ලංකාවේ ආයෝජනය කිරීමට ලොව කිසිදු වි්‍යපාරිකයකු බිය විය යුතු නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කළ යුතු ලොව හොඳම රටවල් අතරට ශී‍්‍ර ලංකාව දැන් එක්ව සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල යුක්රේනයේ තෙදින නිල සංචාරයක නිරත වනවා.

ඒ යටතේ යුක්රේන වි්‍යාපාරික ප‍්‍රජාව සමග හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වරාය ගමනාගමන ඇතුළු ක්ෂේත‍්‍ර රැසක දැවැන්ත සංවර්ධනයකට ශී‍්‍ර ලංකාව මුල පුරා ඇති බවයි.

රටම ක්ෂණිකව ඒකාබද්ධ කළ හැකි මාර්ග පද්ධතියක්ද සංවර්ධනය කෙරෙමින් පවතිනවා. ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශී‍්‍ර ලංකාව දියුණුතම උපකාරක සේවා මධ්‍යස්ථානය බවට පත්වන දිනය වැඩි ඈතක නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එබැවින් ශී‍්‍ර ලංකාවේ නොබියව ආයෝජනය කරන්නැයි ඔහු යුක්රේන වි්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

Wednesday, June 30, 2010

Mclaren F1 නිර්මාතෘගේ නවතම T.25 කාරය


Mclaren F1 කියූ සැනින් අපගේ මතකයට නැගෙනුයේ ඉතා හැඩකාර හා ඉතා ජව සම්පන්න කාරයකි.
මෙම මැක්ලන් කාරය නිපදවූ Gordon Murray ගේ අලුත්ම නිපැයුම වනුයේ T.25 නම් හැඩකාර ප‍්‍රමාණයෙන් කුඩා කාරයයි .

මෙම කාරය විශේෂයෙන් නිමවා ඇත්තේ නගරබද ප‍්‍රදේශවල භාවිතයට වන අතර එහි ප‍්‍රමාණයත් ඉතා කුඩාය.

එම නිසා මෙම කාරය නගරබද වාහන තදබදය අවම කරගැනීම සදහා සරිලන ආකාරයට නිමවා ඇත.

තවද මෙම වාහනයේ බර කිලෝග‍්‍රෑම් 550 ක් වන අකර ඒ නිසා ඉන්දන වැය වීමද ඉතා අවම බව CNN වෙබි අඩවිය සදහන් කරයි.

මෙම කාරය කුඩා වුවද ආරක්ෂිතව ධාවන කිරීමෙ හැකියාවද ඉහල මට්ටමක පවතින බවද සදහන්.

http://www.gordonmurraydesign.com/t25.php

පිරිමින්ටත් උපත් පාලන පෙති


සාමාන්‍යයෙන් උපත් පාලන පෙති භාවිතා කරනුයේ කාන්තාවන්ය.

නමුත් සමහර කාන්තාවන්ට උපත්පාලන පෙති ලබා ගත්විට ශරීරය ඊට ප‍්‍රතිරෝධයක් දක්වන බවද සදහන්.

මෙවැනි කරුණු නිසා පිරිමි උපත් පාලන ක‍්‍රම පිලිබදව පරීක්ෂණ නොයෙක් පරීක්ෂණායතන මගින් සිදුකලබව දැන ගන්නට ඇත.

ඊශ‍්‍රයලයේ Bar-Ilan විශ්ව විද්්‍යාලයේ Prof. Haim Breitbart සිදුකල පරීක්ෂණ වල ප‍්‍රතිඵල වලට අනුව ඔහු විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇත.

ඔහු පවසන පරිදි මෙම පිරිමි උපත් පාලන පෙති තවත් වසර පහක් පමණ ඇතුලත දී වෙළද පලට ඉදිරිපත් කලහැකි බවද සදහන්.

Larry King Live වැඩසටහනින් Larry King සමුගනී


Larry King Live කියූ සැනින් ලෝකයම හදුනන අපූරු වැඩසටහන ඉදිරිපත් කල Lawrence Harvey Zeigerඑම වැඩසටහනින් ඉවත් වීමට තීරනය කර තිබෙනවා.

ඇමෙරිකාව තුල වැඩිම කාලයනක් නොනවත්වා විකාශය වූ වැඩසටහන වූයේද Larry King Liveවැඩසටහනයි.

එනම් මෙම වැඩසටහන වසර 25 ක් විකාශහ වූ බවද සදහන් වන අතර ඔහු මෙහිදි 40000 කට වඩා පුද්ගලයින් සංඛ්‍යවක් සමග සම්මුඛ සාකඡ්ඡ පවත්වා ඇති බවද සදහන්.

තවද ඔහුගේ වැඩසටහන් කාලය තුල ඇමරිකාවෙි සිටි සිටි සියලු ජනාධිපතිවරු සමගද ඹහු මෙම වැඩසටහන ඉදිරිපත් කර ඇති බවද CNN වෙබි අඩවියේ සදහන්.

ඹහු මෙම වැඩසටහනින් සමුගැනීමට හේතුව ලෙස දක්වන්නේ තම පවුල සමග වැඩි කාලයක් ගත කිරීමෙ අවශ්‍යතාවයයි.

http://en.wikipedia.org/wiki/Larry_King

දෑසින් කතා කරන ලාංකීය නිරූපිකාවන්


ලාංකීය නිරූපිකාවන් පේ‍්‍රක්ෂකයින්ට දෑසින් ආමන්ත‍්‍රනය කරන අකාරය පිලිබද කල විමසුමකදී හෙලිදරවු වූයේ දෑසේ උපරිම ප‍්‍රකාශන ශක්තිය ලබා ගැනීමට නමි තවත් බෙහෝ දේ කලයුතුව ඇති බවයි.

නිරූපනයේදී අවවාචික සන්නිවෙීදනය බෙහෙවින් වැදගත් වන නමුදු ලාංකීය නිරූපිකාවන් හා කැමරා ශිල්පීන් වැඩිදෙනෙකුගේ අවධානය ඊට යොමුවී නැති බවයි.

තවද වැඩි අවධානයක් යොමුව ඇත්තේ අගපසග ඇදුමි හා ඉරියවු වලටයි.

දෑසේ ප‍්‍රකාශන ශක්තිය භාවිතා කරන නිරූපිකාවන් කීපදෙනෙකු අප තෝරාගත් අතර ඔබෙි විනිශ්චය අනුව ඊට ලකුණු දෙන්න.

දෑසින් නිරූපනය වඩාත් හොදින් කරන නිරූපිකාවන්ට ලකුණු පහක්ද දුර්වල නිරූපිකාවන්ට එක ලකුණකුත් ලබා දෙන්න.

මෙි අතරෙ නිරූපිකාවන් පිලිබද ඔබෙි අදහස් හා ඡයා රූපත් අපට එවන්නත් ඔබට පුලුවන්.

මෙන්න අපේ ඊ මේල් ලිපිනය.


Gayani Madusha


















Chaturika Pieris


















Sachini Nimesha


















Piumi Bothaju


















Sunalee Ratnayaka



















Piyumee Liniyagala


















Nadini Premadasa



















Nadeeshani


















Nishani


















Dilhani Asokamala


















Sachini Ayendra


















Yasoda Wimaladarma


















Upeksha Swaranamali


















Yamuna Erandathi

















Sangeetha Weeraratn






















ජනපති යුක්රේන් යයි


යුක්රේනය නැගනහිර යුරෝපයේ පිහිටි තෙල් සහ ස්වභාවික ගෑස් අපනයනය කරන ප‍්‍රධාන රටක්.

මධ්‍යම ආදායම් ලබන රටක් වන යුක්රේනය ලෝක සංචාරක නැරඹුම් ස්ථාන අතර අටවන තැනට පත්ව තිබෙනවා.

මෙම රට නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුක්රේනයට යන පලමු අවස්තාවද මෙය වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා යුක්රේනය බලා පිටත්ව ගිය බවයි.

යුක්රේනයේ සංචාරයක නිරත වන පලමු රාජ්‍ය නායකයා වන්නේ ද ජනාධිපතිවරයා වීම විශේෂත්වයක්.

යුක්රේනයේ ජනාධිපතිවරයා සහ ඉහළ පෙළේ නියෝජිතයන් සම`ග සාකච්ඡා කිරීමටයි ඔහු බලාපොරොත්තු වන බවද සදහන්.

සංචාරක නාවික ගමනා ගමන සහ ආරක්ෂක යන විෂයන් මූලික කර ගනිමින් ගිවිසුම් කිහිපයක් ද මෙම සංචාරයේදී අත්සන් කෙරෙනවා.

Tuesday, June 29, 2010

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තෙවන ණය වාරිකයත් ශී‍්‍ර ලංකාවට ලැබෙ


ශී‍්‍ර ලංකාවට තෙවන ණය වාරිකයද ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ තීරණය කළා.

ඒ අමෙරිකානු ඩොලර් මිලියන 407.8ක්.

පළමු සහ දෙවන ණය වාරික පසුගිය කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදී තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සෑහීමකට පත් විය හැකි බැවින් ණය මුදල මුදා හැරීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත්තේ.

අරමුදල විසින් ශී‍්‍ර ලංකාවට ලබාදෙන සම්පූර්ණ ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.6ක්.

සිංහ Burger


සිංහ මස් යමි අහාරයක් සදහා යොදා ගන්නා බව ඔබ අසා තිබෙනවාද?

කෙසේ වෙතත් මෙි දිනවල දකුණු අප‍්‍රිකාව සමිබන්ද පුවත් අපට වැඩි වශයෙන් අසන්නට ලැබෙි.

මෙි පුවත වාර්තා වන්නේද දකුණු අපි‍්‍රකාවෙන්ය.

මෙි දිනවල ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙන් දකුණු අප‍්‍රිකාවට අතිවිශාල විදේශිකයන් පිරිසක් පැමිණෙමින් සිටී.

දකුණු අප‍්‍රිකාවට පැමිණෙන සංචාරකයින්ට සිංහ මස් වලින් සෑදු බර්ගර් අලෙවි කිරීමට සූදානමි බව Cameron Selogie නමි දකුණු අප‍්‍රිකානු Il Vinaio හෝටලයේ අයිතිකරු පවසා සිටී.

නමුත් මෙි සදහා මොහුට අවශ්‍ය සිංහ මාංශ ලැබෙන අකාරය පිලිබද පැහැදිලි කරුණු දැක්වීමක් නොමැති බවද සදහන්.