Saturday, June 26, 2010

මෙරට ආර්ථික වර්ධනය සියයට 7 දක්වා ඉහළ යයි


රටක දියුණුව මැන බැලෙන කාරණා අතර එම රටෙි ආර්ථික වර්ධන වෙිගයට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයක්.

මේ වසරේ මුල් කාර්තුවේ ශී‍්‍ර ලංකාවේ දළ ආර්ථික වේගය සියයට හත ඉක්මවා තිබෙනවා.

ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ එය සියයට 7 යි දශම එකක් ලෙස වාර්තා වන බවයි.

ඉකුත් වසරේ මුල් කාර්තුවේ මෙරට ජාතික ආදායම රුපියල් බිලියන 601 ක් වූ අතර මේ වසරේ මුල් කාර්තුවේ එහි අගය ලෙස සදහන් වුයේ රුපියල් බිලියන 641 යි දශම 5 ක් ලෙසයි.

රට තුළ සාමය ඇතිවීම මීට ප‍්‍රධාන හේතුව ලෙස ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව සදහන් කර ඇතැයි රජයේ වෙබ් අඩවියක් වාර්තා කළා.

එසේම කෘෂිකාර්මිකල කර්මාන්ත හා සේවා අංශවලින් ලබා ඇති ප‍්‍රගතියද මීට ඍජු ලෙස බලපා තිබෙනවා.

වසරේ මුල් කාර්තුව තුළ කෘෂිකාර්මික අංශය සියයට 9 කින්ද කර්මාන්ත ක්ෂ්ත‍්‍රය සියයට 6 යි දශම 9 කින්ද වර්ධනය වී තිබෙනවා සේවා අංශයේ වර්ධනය ලෙස සැලකෙන්නේ සියයට 6 යි දශම 7 ක්.

Thursday, June 24, 2010

එංගලන්තයේ වටිනා චිත‍්‍ර වෙන්දේසියක්


චිත‍්‍රයක වටිනා කම තීරනය වන්නේ එහි ඇති කාලාත්මක භාවය මතය.

ලෝකයේ බොහෝ විට ඉහල කාලාත්මක භාවයෙන් යුතු කලා කෘති ඉතා ඉහල මිල ගණන් වලින් අලෙවි වෙි.

බොහෝ විට ධනවතුන් තම කලාකාමී අශාව නිසා හෝ තම ධනවත් බව පෙන්වීම සදහා වැනි කාරණා නිසා චිත‍්‍ර මිලදි ගැනීම සිදුකරයි.

මෙ CNN වෙබි අඩවියේ පලවූ එංගලන්ත චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පිලිබදවයි.

http://edition.cnn.com/2010/WORLD/europe/06/23/uk.christies.auction/index.html?hpt=T2&fbid=vc3PUw5qbpX

චෙන්නායි ගුවන් තොටේදී ඉරාජ් අපහසු තාවයේ ගීතය ගායනා කරයි


සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්න චෙන්නායි ගුවන් තොටුපොලේදී එහි නිලධාරීන්ගේ පීඩාවන්ට ලක්ව තිබෙනවා.

ඉරාජ් පවසන්නේ තමන් සිංහලදැයි විමසූ ආගමන විගමන නිලධාරීන් පසුව උස් හඩින් කතා කරමින් තමා අපහසුතාවයට පත්වන ආකාරයෙන් කි‍්‍රයා කළ බවයි.

ඒ පිළිබඳ විමසීමේදී තමා කිසියම් ස්ථානයක රැඳවීමට ඔවුන් පියවර ගත් බවද ඉරාජ් මාධ්‍ය වෙත සඳහන් කළා.

කෙසේ වෙතත් චෙන්නායිහි ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් තමා ගුවන් තොටුපොළෙන් නික්ම ගිය බවද ඔහු පැවසුවා.

ඉරාජ් චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත්තේ සිය නිර්මාණවලට අදාළ කටයුතු සඳහායි. එසේම දෙමළ චිත‍්‍රපටයක් සඳහා හොඳම ගීතය වෙනුවෙන් සංගීත නිර්මාණයට වසරේ සම්මානය ලබා ගැනීමද ඔහුගේ අරමුණක් වී තිබුණා.

කෙසේ වෙතත් මෙි කරුණු හරහා අපට වැටහීයන කාරනයක් ඇත එනමි ශ‍්‍රි ලංකාව කෙරෙ ඇති දකුණු ඉන්දීය වෛරය නමි නිමා නොවන එකක් බවයි.

ජගත් උපදේශක මණ්ඩලයට එරෙහිව රජය සුදුසු පියවරකට සැරසෙයි


ජගත් මහලේකම්වරයා ශී‍්‍ර ලංකාව පිළිබඳ පත් කළ ති‍්‍රපුද්ගල කමිටුවට රජය විරෝධය පළ කරනවා රජයේ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය සාමාජික රටවල අභිමතාර්ථ නොසලකා හැරීමක් බවයි.

තමාට ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා බැන් කී මූන් මහතා මෙම ති‍්‍රපුද්ගල උපදේශක මණ්ඩලය පත් කර තිබෙනවා අවසන් සටන සමයේ සිදු වූ ඇතැම් කි‍්‍රයාකාරකම් පිළිබඳ වගකිවයුත්තන් සොයා බැලීම එහි අරමුණයි.

එහෙත් ශී‍්‍ර ලංකාව සතුව ශක්තිමත් වි්‍යවස්ථාවක් හා අධිකරණ කි‍්‍රයාදාමයක් පවතින බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා එය ප‍්‍රබල ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමයක් එමගින් ශී‍්‍ර ලංකාවේ ජනතාවගේ සියලූ අයිතීන් සහතික කර ඇතැයිද නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා.

ජාතික සහජීවනය වෙනුවෙන් කොමිසමක් ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරනු ලැබුවා එසේ තිබියදී මෙලෙස උපදේශක මණ්ඩලයක් පත් කිරීම ශී‍්‍ර ලංකාවේ එම වැඩපිළිවෙළට හානි කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එබැවින් මීට එරෙහිව සුදුසු කි‍්‍රයාමාර්ග ගන්නා බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Wednesday, June 23, 2010

රොබෝ ඹලිමිපික් 2010


ඹලිමිපික් තරගාවලියක් යනු ලෝකයේ සිටින දක්ෂතම ක‍්‍රිඩකයින් ගෙන් අති දක්ෂයින් තෝරන තරගාවලියක්.

රොබෝ තාක්ෂණය මෙි වන විට ඉතා සීග‍්‍ර වර්ධනයක් සමගින් ඉදිරියට ගමන් කරයි.

ජපානය චීනය වැනි රටවල් මෙම තාක්ෂණයේදී ඉදිරියෙන්ම සිටින බව අප දන්්නා කරුණක්.

මීට දින කීපයකට පෙර චීනයේදී රොබෝ වරුන්ගේ හැකියා මැන බැලෙන තරගයක් චීනයේදි පැවැත් වුනා එනමි ඔවුන්ගේ දිවීම නැටීම ඇවිදීම වැනි දේ.

මෙම තරගාවලිය නමිකර තිබුනේ International Huro Olympic Games ලෙසයි.

http://news.bbc.co.uk/2/hi/world/asia_pacific/10389115.stm

Baby Fifa හමුවෙමු


ලෝක කුසලාන පාපන්දු තරගාවලියත් සමගින් බොහෝ අපූරු දේ කතා බහට ලක්වෙි

මෙි පුවත වාර්තා වන්නේද දකුණු අප‍්‍රිකාවෙන්.

දරුවන් ඉපදුන විට ඹවුන් සමිබන්ධව සිදුවන අපූරු සිදුවීමක් සිදුවුව හොත් එම සිදුවීම පාදක කරගනිමින් එම දරුවන්ට අපූරු නමි යෙදීම බොහෝ විට සිදුවෙි .

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගය ආරමිභකර විනාඩි දහයකට පසු එම තරගය පැවැත්වෙන ක‍්‍රිඩාංගනයට ආසන්න ප‍්‍රදේශයකදී උපත ලැබූ කුඩා දරුවකු පිලිබද පුවතක් CNN වෙබි අඩවිය වාර්තා කලා

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගය ආරමිභකර විනාඩි දහයකට පසු දරුවා ඉපදුනු නිසා මෙි කුඩා දරුවාට Baby Fifa ලෙස කතා කරන බවයි.

ස්ත‍්‍රි දූෂණයට එරෙහිව කාන්තා කොන්ඩමි


ලෝකයේ ඔිනෑම රටක පලවන ප‍්‍රවෘත්ති අතර ස්ත‍්‍රි දූෂණ පුවත් බොහෝ විට අසන්නට ලැබෙි.

ස්ත‍්‍රි දූෂණය නැවැත්වීමට නමි සමාජය දැනුවත් කරීම අවශ්‍ය කරුනක් බව බොහෝ විට ඉදිරිපත් කරන කරුනකි.

නමුත් කෙසේ වුවත් ස්ත‍්‍රී දූෂණ ලෝකය තුල සිදුවන දෙයකි.

මෙවැනි ස්ත‍්‍රී දූෂණයකට කාන්තාවක් මුහුණදීමෙිදී එයින් ගැලවීමට මගක් දකුණු අප‍්‍රිකානු වෛද්‍ය Dr Sonnet Ehlers විසින් සොයාගෙන ඇත.

එනමි දත් සහිත කාන්තා කොන්ඩමයක් හදුන්වා දෙමින්.

මැය විසින් මෙය නිපදවා ඇති අකාරයට ස්ත‍්‍රි දූෂකයා දැඩි වෙිදනාවකට පත් වන අතර ඹහුට වෛද්‍යවරයකු වෙතට යෑමටද සිදුවෙි.

එම නිසා වරද කරුවන් හදුනා ගැනීමටද මෙය මහත් රුකුලක් වන බව සදහන්.




ශී‍්‍ර ලංකාව පිළිබද උපදෙස් ලබාගැනීමට ජගත් මහලේකම්වරයාගෙන් උපදේශක මණ්ඩලයක්


ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සදහා වන විද්වත් මඩුල්ලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් මහතා අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා සදහන් කරන්නේ මෙම විද්වත් මඩුල්ල ඊයේ රාතී‍්‍රයේ නම් කළ බවයි.

ඉන්දුනීසියාවේ හිටපු නීතිපති මර්ෂික් ධරුෂ්මාන්ල අමෙරිකාවේ නීතිඥයෙක් වන ස්ටීවන් ටේනර් හා දකුණු අපි‍්‍රකාවේ හිටපු ප‍්‍රතිසංධාන කොමිසන් සභා සාමාජිකාවක වන යෂ්මින් ෂුකූ මෙම විද්වත් මඩුල්ලයි .

ඒ පිළිබදව බැන්කි මූන් මහතා අද නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරංචි මාර්ග සදහන් කරනවා.

ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් සමය තුළදී මානව හිමිකම් උල්ලංඝණය වූයේද යන්න හා ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්වය පිළිබදව උපෙදෙස් ලබාදීම මෙම විද්වත් කමිටුවේ කාර්යයන් වන බවද සදහන් වනවා.

කෙසේවුවද මෙම උපදේශක මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය විරෝධය පළ කළා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ ශී‍්‍ර ලංකාවේ කටයුතුවලට කිසිදු රටකින් හෝ ආයතනයකින් අනවශ්‍ය බලපෑම් එල්ල නොවිය යුතු බවයි.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙම උපදේශක මණ්ඩලය පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

සියදිවි හානි කර ගැනීමි වලින් දසවන තැන ලංකාවට


යමි ශ්‍රේණීගත කිරීමක ඉහලින් සිටින විට එය ඉතා වැදගත් වෙි.

නමුත් එම ශ්‍රේණිගත කිරීම යමි සුබදායක් නොවූ දෙයක් පිලිබද නමි එය එතරමි හොද තත්වයක් නොවෙි.

ලෝක සෞක්‍ය සංවිධානය සිදුකල සමීක්ෂණ වලින් ලෝකයේ සියදිවි නසාගැනීමි වලින් දසවන තැන ශ‍්‍රි ලංකාවට හිමිව තිබෙනවා.

ලෝක සෞක්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ෆිල්චෝසි මෙහෙතා මහතා පවසන්නේ වසරකට ලෝකයේ මිලියනයකට ආසන්න පිරිසක් සිය දිවි නසා ගන්නා බවයි .

මානසික හේතු ඊට ප‍්‍රමුකව බලපා ඇති බව ඊයේ කොළඹ පැවති මානසික සෞක්‍ය වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නා.

ඔහු අවධාරණය කරන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ‍්‍රි ලංකාව මානසික රෝගීන් පිලිබද අවධානය යොමුකළ යුතු බවයි.

එය සිය දිවි නසා ගැනීම් අවම කර ගැනීමට හේතු වන බව ලෝක සෞඛ්ය සංවිධාන මෙරට නියෝජිතයා පෙන්වා දෙනවා.

Tuesday, June 22, 2010

ජී.එස්.පී. ප්ලස් කොන්දේසි විරහිතව බැහැ


ජී.එස්.පී. ප්ලස් යනු යුරෝපා සංගමයෙන් ශී‍්‍ර ලංකාවේ අපනයනවලට ලැබෙන බදු සහනයක්.

මේ වන විට එය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා එහෙත් මාස හයක කාලයක් සඳහා එම බදු සහනය යළි ලබාදීමේ යෝජනාවක් යුරෝපා සංගමය දැන් සලකා බලමින් සිටින්නේ.

එහෙත් නිකුත් කෙරුණු අලූත්ම නිවේදනයක දැක්වෙන්නේ බදු සහනය නිකන්ම ලබාදිය නොහැකි බවයි.

ඒ සඳහා ලක්රජයෙන් සහතිකයක් අවශ්‍ය බව යුරෝපා සංගමය පවසනවා.

මේ සහතිකය ලබාදිය යුත්තේ මානව හිමිකම් සුරැකීමට කැපවන බවටයි.

ලබන මස පළමු වැනිදාට පෙර සහතිකය ලිඛිතව ලබාදිය යුතු බවද යුරෝපා සංගමය ප‍්‍රකාශ කළා.