Thursday, July 1, 2010

ශී‍්‍ර ලංකාවේ ආයෝජනයට බිය විට යුතු නෑ


ඵසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවේ පැවති යුධමය තත්වය නිසා ලොව බොහෝ වි්‍යාපාරිකයින් ලංකාවේ ආයෝජනයට යම් බියක් තිබූ බව පෙනීගිය කාරනයක්.

ශී‍්‍ර ලංකාවේ ආයෝජනය කිරීමට ලොව කිසිදු වි්‍යපාරිකයකු බිය විය යුතු නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කළ යුතු ලොව හොඳම රටවල් අතරට ශී‍්‍ර ලංකාව දැන් එක්ව සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල යුක්රේනයේ තෙදින නිල සංචාරයක නිරත වනවා.

ඒ යටතේ යුක්රේන වි්‍යාපාරික ප‍්‍රජාව සමග හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වරාය ගමනාගමන ඇතුළු ක්ෂේත‍්‍ර රැසක දැවැන්ත සංවර්ධනයකට ශී‍්‍ර ලංකාව මුල පුරා ඇති බවයි.

රටම ක්ෂණිකව ඒකාබද්ධ කළ හැකි මාර්ග පද්ධතියක්ද සංවර්ධනය කෙරෙමින් පවතිනවා. ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශී‍්‍ර ලංකාව දියුණුතම උපකාරක සේවා මධ්‍යස්ථානය බවට පත්වන දිනය වැඩි ඈතක නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එබැවින් ශී‍්‍ර ලංකාවේ නොබියව ආයෝජනය කරන්නැයි ඔහු යුක්රේන වි්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

0 comments:

Post a Comment