Thursday, July 1, 2010

ලිංගික අධ්‍යාපනය හා දරුවන්


ශ‍්‍රි ලංකාව වැනි ආසියානු රටවල් වලදී ලිංගිකත්වය වැනි මාතෘකා විවෘතව සාකඡඡ කිරීම ඉතා අවම මටිටමක පවතී.

නමුත් දරුවන් යොවුන් වියට පැමිණීමෙිදී ඔවුන් එය පිලිබදව දැඩි කුතුහලයකින් කටයුතු කරන බව අප දන්නා කරුනක් .

ඒ නිසා දරුවන්ට ලිංගික අධ්‍යපනය ලබා දීම ඉතා වැදගත් බව ළමා මනෝවිද්්‍යාඥයින්ගේ අදහසයි.

තවද ඒ සමග HIV වැනි රෝග පිලිබද දැනුවත් කිරීම ඉතාමත් වැදගත් බවද සදහන් කල යුතුයි.

අප දන්නා පරිදි ශ‍්‍රි ලංකාවෙි අධ්‍යපන ක‍්‍රමය තුලදී පාසලේ නව වැනි වසරේදී මෙි පිලිබද සෞක්‍ය හා ශාරීරික අධ්‍යපනය විෂය යටතේ හොද අධ්‍යපනයක් ලබාදීම සිදුවෙි.

නමුත් එය ප‍්‍රමාණවත්ද යන්න ගැටලු සහගතයි.

සමාජ විද්්‍යඥයින්ගේ අදහස් වලට අනුව මෙම කරුණු කාරනා පිලිබද නිවස තුලදීද දරුවා දැනුවත් කිරීම යන කාරනය ඉතා වැදගත් බව සදහන්.

එවිට යොවුන් වියේදී මතුවන කුතුහලය සමගින් දරුවන් නොමගයෑම අවම කරගත හැකියාව පවතී.

තවද ඔබ දන්නවාද ශ‍්‍රී ලංකාව තුලද HIV අසාදිත පාසල් දරුවන් සිටින බව.

අනාවර්නය වී ඇති HIV අසාදිත පාසල් දරුවන් සංඛ්‍යාවට අමතරව සිටින සංඛ්‍යායව කොපමණ විය හැකිද?

එවැනි කරුනු කාරනා නිසා අපට එක් දෙයක් ඉතා හොදින් අවධාරනය කර ගත හැක. එනමි දෙමාපියන් තමාගේ දරුවාව මෙවැනි කාරනා පිලිබද දැනුවත් කල යුතු බවයි.

http://www.bbc.co.uk/schools/parents/sex_education_support/

http://en.wikipedia.org/wiki/Sex_education

1 comments:

9XM said...

HIV විතරක් නෙවෙයි..තවත් සමාජ රෝග කොච්චර තියනවද...එව්වා ගැනත් දැනුවත් කරන්න ඕනේ....
ඒ විතරක් නෙවෙයි...චූන් වුන පලියට කරගත්තු දේවල් වලින් තව දුරටත් කරදර නොවෙන්න අනවශ්‍ය ගැබ් ගැනීම් ගැනත් දැනුවත් කරන්න ඕනේ...මේකත් බලන්න ඊයේ පත්තරේ තිබුනේ ......
http://www.imagevisit.com/images/bv9nlducolstnny9ejw.jpg
ඒ වගේම මේ වෙබ් අඩවියත් ගොඩාක් වැදගත් ඔය වගේ ගැටළු සඳහා....
http://www.happylife.lk/si.html

Post a Comment