Thursday, July 1, 2010

ලිංගික අධ්‍යාපනය හා දරුවන්


ශ‍්‍රි ලංකාව වැනි ආසියානු රටවල් වලදී ලිංගිකත්වය වැනි මාතෘකා විවෘතව සාකඡඡ කිරීම ඉතා අවම මටිටමක පවතී.

නමුත් දරුවන් යොවුන් වියට පැමිණීමෙිදී ඔවුන් එය පිලිබදව දැඩි කුතුහලයකින් කටයුතු කරන බව අප දන්නා කරුනක් .

ඒ නිසා දරුවන්ට ලිංගික අධ්‍යපනය ලබා දීම ඉතා වැදගත් බව ළමා මනෝවිද්්‍යාඥයින්ගේ අදහසයි.

තවද ඒ සමග HIV වැනි රෝග පිලිබද දැනුවත් කිරීම ඉතාමත් වැදගත් බවද සදහන් කල යුතුයි.

අප දන්නා පරිදි ශ‍්‍රි ලංකාවෙි අධ්‍යපන ක‍්‍රමය තුලදී පාසලේ නව වැනි වසරේදී මෙි පිලිබද සෞක්‍ය හා ශාරීරික අධ්‍යපනය විෂය යටතේ හොද අධ්‍යපනයක් ලබාදීම සිදුවෙි.

නමුත් එය ප‍්‍රමාණවත්ද යන්න ගැටලු සහගතයි.

සමාජ විද්්‍යඥයින්ගේ අදහස් වලට අනුව මෙම කරුණු කාරනා පිලිබද නිවස තුලදීද දරුවා දැනුවත් කිරීම යන කාරනය ඉතා වැදගත් බව සදහන්.

එවිට යොවුන් වියේදී මතුවන කුතුහලය සමගින් දරුවන් නොමගයෑම අවම කරගත හැකියාව පවතී.

තවද ඔබ දන්නවාද ශ‍්‍රී ලංකාව තුලද HIV අසාදිත පාසල් දරුවන් සිටින බව.

අනාවර්නය වී ඇති HIV අසාදිත පාසල් දරුවන් සංඛ්‍යාවට අමතරව සිටින සංඛ්‍යායව කොපමණ විය හැකිද?

එවැනි කරුනු කාරනා නිසා අපට එක් දෙයක් ඉතා හොදින් අවධාරනය කර ගත හැක. එනමි දෙමාපියන් තමාගේ දරුවාව මෙවැනි කාරනා පිලිබද දැනුවත් කල යුතු බවයි.

http://www.bbc.co.uk/schools/parents/sex_education_support/

http://en.wikipedia.org/wiki/Sex_education

පියාඹන කාර්


පියාඹන කාර් යන්න ඇසූ විට ඔබෙ මතකයට හැරී පෝටර් චිත‍්‍ර පටය මතකයට එනු ඇත.

අප සුරංගනා කතා වලදී ඇසූ සමහර දේ තාක්ෂණයේ දියුණුවත් සමගින් යථාර්තයක් වන අවස්තා අප දැක ඇත.

කාරයක හැඩයෙන් යුතු ගුවන් යානයක් නිපදවීමට ඇමරිකානු Massachusetts-based engineering firm ආයතනය සමත්ව තිබෙනවා.

මෙයට කාරයක හැඩය පමණක් නොව පැයට සැතපුමි 65 ත් 70 ත් අතර වෙිගයකින්ද මාර්ගයේ ගමන් කිරීමෙි හැකියාව ඇති බවද සදහන්.

මෙම නිර්මාණයට FAA සහතිකය බලාපොරොත්තුවෙන් සිටින බවද වැඩිදුරටත් සදහන්.

ශී‍්‍ර ලංකාවේ ආයෝජනයට බිය විට යුතු නෑ


ඵසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවේ පැවති යුධමය තත්වය නිසා ලොව බොහෝ වි්‍යාපාරිකයින් ලංකාවේ ආයෝජනයට යම් බියක් තිබූ බව පෙනීගිය කාරනයක්.

ශී‍්‍ර ලංකාවේ ආයෝජනය කිරීමට ලොව කිසිදු වි්‍යපාරිකයකු බිය විය යුතු නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කළ යුතු ලොව හොඳම රටවල් අතරට ශී‍්‍ර ලංකාව දැන් එක්ව සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල යුක්රේනයේ තෙදින නිල සංචාරයක නිරත වනවා.

ඒ යටතේ යුක්රේන වි්‍යාපාරික ප‍්‍රජාව සමග හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වරාය ගමනාගමන ඇතුළු ක්ෂේත‍්‍ර රැසක දැවැන්ත සංවර්ධනයකට ශී‍්‍ර ලංකාව මුල පුරා ඇති බවයි.

රටම ක්ෂණිකව ඒකාබද්ධ කළ හැකි මාර්ග පද්ධතියක්ද සංවර්ධනය කෙරෙමින් පවතිනවා. ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශී‍්‍ර ලංකාව දියුණුතම උපකාරක සේවා මධ්‍යස්ථානය බවට පත්වන දිනය වැඩි ඈතක නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

එබැවින් ශී‍්‍ර ලංකාවේ නොබියව ආයෝජනය කරන්නැයි ඔහු යුක්රේන වි්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.