Monday, May 24, 2010

ජෝර්ජ් වොෂින්ටන්ගේ පොත වසර 221 කට පසු නැවත භාර දෙයි

පුස්තකාලයේ පොත් නැවත භාර නොදෙන පුරුද්ද ලොව ප්‍රකට පුද්ගලයින්ටත් තිබෙනවා.
හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් විසින් නිව්යෝර්ක් නගරයේ පැරණි නාගරික පුස්තකාලයෙන් කියවීම සඳහා මීට වසර 221 කට පෙර රැගෙන ගිය පොතක් ඔහුට අතපසුවීමක් නිසා නැවත භාර දීමට අමතක වෙලා.
 එමා ඩි වටෙල් ලියූ එම පොතේ නම
"The Law of Nations" මේ පොත නැවත භාර නොදුන් බව එම පුස්තකාලයටත් අමතකව තිබූ අතර පසුගිය දිනවල සිදු කෙරුණු නැවත සමීක්ෂණයකදී ඒ බව තහවුරු වීමෙන් පසු ඒ ගැන සඳහන් කරමින් නිව්යෝර්ක් ඩේලි නිවුස් පුවත්පතේ ලිපියක් පළවී තිබුණා.
ජෝර්ජ් වොෂින්ටන් ඥාතීන් මෙම පොත භාරදීමට කටයුතු කළේ මෙම ලිපිය දැකීමෙන් පසුවයි.

0 comments:

Post a Comment