Thursday, May 20, 2010

අයිස්ලන්ත ධූලි වළාව යළිත් ගුවනට

අයිස්ලන්තයේ යමහල් වලින් නැගුණ සැතපුම් දෙදහස් පන්සියයක් පමණ වූ ධූලි වළාව යළිත් වතාවක් ගුවන් ගමන් වලට බාධා පමුණුවමින් තිබෙනවා. යුරෝපය පුරාම ගුවන් ගමන් අත්හිටුවීම් වාර්තාවන අතර දහස් ගණන් මගීන් ගුවන් තොටුපළටවී සුසුම් ළමින් සිටිනවා. ධූලි වළාවේ වින්නැහියට ගොදුරුවූ රටවල් අතර බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය සහ පෘතුගාලය ඉස්සරහින්ම ඉන්නවා.
යමහල් විදාරණය ‘දෙවියන්ගේ ක‍්‍රියාවක්’ සේ සලකපු රක්‍ෂණ සමාගම් අතරමංවූ මගීන්ට ගෙවීමට අදිමදි කිරීම නිසා දිග පෝලිම් වලටවී දත් මිටි කන ගුවන් මගීන්ගේ සංඛ්‍යාවද දැන් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
ඒත් දැන් දැන් ධූලි වළාවේ වින්නැහියට ගොදුරුවන මගීන්ට රක්‍ෂණ ගෙවීම ජග වාසි වෙළඳාමක් වෙලා.

0 comments:

Post a Comment