Wednesday, May 26, 2010

ගොනුන් ප්‍රකෝපකිරීම භයානකයි.

ස්පාඤ්ඤයේ ගොන් පොර කරුවෙකු වන ජුලියෝ ඇප්‍රිකියෝ පමණට වඩා තම ගොනා ප්‍රකෝප කිරීම නිසා බරපතල ඇබැද්දියකට මුහුණ පා තිබෙනවා. නිකට දෙසට එල්ලවූ හරක් අඟ මතුවුනේ කටින්. වාසනාවකට වගේ ගොනා අඩියක් පස්සට ගත්තා.
නහයෙන් කටින් ලේ හළාගත් ජූලියෝ ක්‍රීඩාගාරය දෙසට ගෙනයද්දී දහස් ගණනක් ප්‍රේක්ෂකයෝ ගල්ගැසී බලා සිටියා.
මේ ගොනා කාලයක් පටන් පලිගැනීමට උත්සාහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ගොන්පොර අමානුෂික ක්‍රීඩාවක් බව ඇතැමුන් තර්ක කළත් ස්පාඤ්ඤයේ ගොන් පොර ක්‍රීඩාගාර අතුරු සිදුරු නැතිව පිරී යනවා. අනෙක් අතට මේ වගේ සිදුවීමකින් පස්සේ මතුවන ප්‍රශ්නය තමයි ඇත්ත ගොනා කවුද කියන එක.
(පිංතූර සිත කලබල කරන සුළුය)
සිදුවීමේ වීඩියෝ දර්ශනය

0 comments:

Post a Comment