Monday, May 31, 2010

සඳ මත පළමු ජනාවාසය තැනීම 2020 දී අවසන්


ජපානය අද නිකුත් කළ වාර්තාවකින් කියැවුනේ සඳමත ජනාවාස තැනීමේ ඔවුන්ගේ පළමු ව්‍යායාමය 2020දී අවසන් වනු ඇති බවය.මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන්නේ, මිනිසුන් රහිතව ජනාවාසයක් සම්බන්ධයෙන් වීම විශේෂත්වයකි.
ඒ සඳහා උපයෝගී කරගන්නේ රොබෝවන්ය.උන් පොළවේ සිට පාලනය වන අතර බලශක්තිය ලබා ගැනීමට සූර්ය කෝෂ පැනල භාවිතයට ගනී.මෙම ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ස‍ඳේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්න තෝරාගත් අවකාශයක ස්ථිරව රැඳවීමට අදහස් කරන මෙම රොබෝවන් විසින් ඉටු කරගන්නට අපේක්ෂිත ප්‍රමුඛ කාර්යය නම් සෞර්ය ග්‍රහ මණ්ඩලයේ තොරතුරු සෙවීමය.පෘථිවියට නොපෙනෙන කෝණයකින් උන් රැස් කරගන්නා තොරතුරු අනාගත අභ්‍යවකාශ පර්යේෂණ සඳහා ඉතා වැදගත් විය හැකි බව මෙම විද්‍යාඥ කණ්ඩායමේ මූලිකත්වය දරන කැට්ෂිකෝ ෂිරායි පවසා තිබෙනවා.ඩොලර් බිලියන 2.2 ක ව්‍යාපෘතියක් වන මෙය 2015 සිට ඇරඹෙන අතර 2020දී ස්ථාපිත කරන්නට නියමිතය.
Moon base is essential for exploration of the solar system. Japan has recently announced plans to send humanoid robots to the moon to construct a robot lunar base. As part of the $2.2 billion project, the robots will begin surveying the moon around 2015, and then build the unmanned base near the moon’s South Pole by 2020.

0 comments:

Post a Comment