Saturday, May 29, 2010

කෑන්ස් උළෙලේ සම්මානලියන්ගේ විලාසිතා දැක්ම


කෑන්ස් සිනමා සම්මාන උළෙල දැන් නිමාවට පත්වී ඇතත් සුපිරි තාරකාවන්ගේ මෝස්තර නිරූපණය තවමත් විලාසිතා ලෝකය තුළ රැව් දෙනවා. සුපිරි තාරකාවන් මෙවන් සම්මාන උළෙල ස‍‍‍‍‍‍‍‍‍‍‍ඳහා ඇඳුම් තෝරාගන්නේ ඉතාම ප්‍රවේශමෙන්.සිනමා උළෙලට යනඑන මාවත් අවුරාගෙන සිටින ඡායාරෑප ශිල්පීන්ගේ කාචය හරහා සටහන් වන තම රෑපය මවන ප්‍රතිරූපය තමන්ගේ අනාගතයට බලපානවා.
මෙවර කෑන්ස් සම්මාන උළෙලේදී ඉන්දීය නිළියන් කිහිපදෙනෙක්ම සාරි ඇන්දා.
ගවුම් අඳින බහුතරය අතරේදී සාරි තුළින් ඉතා සියුම් ලෙස සිරුරේ හැඩය ඉස්මතු කරගැනීමෙන් කැපී පෙනීමට ඔවුන් උත්සාහ කළා වෙන්නට පුළුවන්.
නැගෙනහිර ආසියාවේ හා ඉතාලියේ තාරකාවන් කිහිප දෙනෙක් දිගු ගවුම් ඇඳීම සහ අලුතින්ම නිර්මාණය කරගත් ඇඳුම් ඇඳෘමත් විලාසිතා ලෝකය තුළ කතාබහට ලක්වෙමින් තිබෙනවා.
කෑන්ස් විලාසිතා බොහොමයක්ම සිරුරු හොඳින් ආවරණය වන දිග ඇඳුම් වීම විශේෂයක්.

0 comments:

Post a Comment