Saturday, May 22, 2010

ජේතවනාරාමය අසලින් නිල් මැණිකක්

අනුරාධපුර ජේතවනාරාම ස්ථූපය අසල සිදු කළ කැණීම්වලදී නිල මැණිකක් හමු වී තිබේ. එහි බර ග‍්‍රෑම් 10යි මිලි ග‍්‍රෑම් 42කි. ජේතවන ව්‍යාපෘතියේ ප‍්‍රධාන පර්යේෂණ නිලධාරී තුසිත මෙන්ඩිස් මහතා කියා සිටියේ වටිනා පුරා වස්තු කිහිපයක්ද මෙහිදී සොයා ගත් බවයි. ඉපැරණි රෝම කාසී අටක්, වීදුරු සහ මැටිවලින් සාදන ලද පෙති, පබළු 14ක්, මිනිරන් කැබලි ඒවා අතර වේ. එම පුරාවස්තු ස්ථූපය නිර්මාණය කිරීමට පෙර යුගයට අයත් බවයි විශ්වාස කෙරෙන්නේ. පොළොව මට්ටමේ සිට මීටර් එකයි සෙන්ටි මීටර් 60ක් යටින් මෙම පුරාවස්තු තිබු බවයි පර්යේෂක නිලධාරී තුසිත මෙන්ඩිස් මහතා ප‍්‍රකාශ කළේ. පුරාවස්තු තිබූ ස්ථානයේ ඉපැරණි කම්මලක නටඹුන්ද දක්නට ලැබෙන බව ඒ මහතා ප‍්‍රකාශ කළා. මහසෙන් රජතුමා විසින් කරවන ලද ජේතවන ස්ථූපය අසල කැණීම් කටයුතු ආරම්භ කළේ 1981 වර්ෂයේදීයි.

0 comments:

Post a Comment