Tuesday, May 25, 2010

ඇන්ඩෘ කුමරුගේ හිටපු බිරිය සාරා හිනාවෙන් ලිස්සයි

බ්‍රිතාන්‍යයේ ඇන්ඩෘ කුමරාගෙ හිටපු  බිරිඳ වූ සාරා ෆර්ගියුසන් අල්ලස් ලබාගැනීමට කල උත්සාහයක් සැහැල්ලු හිනාවකින් වසා  ගැනීමට සමත්ව සිටිනවා.
සාරාගෙ හිටපු ස්වාමි පුරුෂයා වු ඇන්ඩෘ කුමරු ගෙ ඇසුර ලබාගැනීමට පවුම් ලක්ෂ 5ක් ඇය ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ගෙන් ඉල්ලා සිටියා
ඇය  නිවුස් ඔෆ් ද වර්ල්ඩ් පුවත්පතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු  ඇමට අසුවු බව දැනගත්තේ එම පුවත ඉරිදා පුවත්පතේ පළවීමෙන් අනතුරුවයි
ඇය ළමුන් වෙනුවෙන් කල සේවයක් නිසා ඇමරිකාවේ ලොස් ඇන්ජලේස් නගරයේදී ඇයට සම්මනයක් හිමිවුනේත් එදාමයි.
 සම්මානය භාර ගන්නා වෙලාවේ පුවත්පතේ පළවූ දේ ගැන කම්පා වූ බව කියා සිටියත් පසුව පුවත්පත් නිවේදනයකින් ඇය කියා සිටියේ ඇයට බරපතල අතපසුවීමක් සිදුවූ බවයි.
තමන්ට අගහිඟකම් රැසක් ඇති බව ඇඟවූ සාරා ඇන්ඩෘ කුමරු මේ ගනුදෙනු කිසිවක් නොදන්නා බවද කියා සිටියා.
වැඩි හාවක් හූවක් නැතිව බ්‍රිතාන්‍ය ජනතාව සාරාගේ කතාව දැන් පිළි අරගෙන.

0 comments:

Post a Comment