Thursday, May 20, 2010

අල්ලේ පැලවෙන ඉන්දියානු බොරුවක්

ලෝකයේ හොඳම ජාතික ගීය තෝරන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්.මොකද ලෝකයේ වැඩි දෙනාට තමන්ගෙ ජාතික ගීය ලෝකයේ වටිනාම ජාතික ගීය වන හන්දා.
කොහොම වුණත් යුනෙස්කෝ ආයතනයේ තරගයකට අනුව ලෝකයේ හොඳම ජාතික ගීය හැටියට අපේ අසල්වැසි ඉන්දියාවේ ‘ජන මන ගන’ ගීය තේරුණ බවට වාර්තා පළවුණා.
ඇත්තම කියනවා නම් යුනෙස්කෝ ආයතනය ඉන්දියාවේ ජාතික ගීය ලෝකයේ හොඳම ජාතික ගීය හැටියට තේරුවා කියන එක ලොකු බොරුවක්.ඒක ඉන්දියානුවන් බලන අන්තර්ජාල අඩවි වලට නරඹන්නන් ගෙන්වා ගන්න ගොතපු බොරුවක්. එය එසේ වුණත් ඒ ආර් රහුමන් සංගීතවේදියා නිර්මාණය කරවූ ‘ජන මන ගන’ ජාතික ගීයේ නව නිර්මාණය අහන්න වටින එකක්.

0 comments:

Post a Comment