Tuesday, May 25, 2010

රොබෝවෙකු මෙහෙයවූ ජපන් මංගල උළෙල


මංගල උත්සව මෙහෙයවන්නන් හැටියට තෝරාගන්නේ බොහොම පළපුරුදු පුද්ගලයින්.නමුත් ‍පසුගිය සතියේ ජපානයේ පැවති මංගල උත්සවයක් මෙහෙයවන ලද්දේ අපූරු පුද්ගලයෙක්.ඒ යාන්ත්‍රික රොබෝවෙක්.එම රොබෝ විසින් මංගල මුද්ද පිරිනැමීම, සිප ගැනීමට අවස්ථාව දැන්වීම, සුබ පැතීම ඇතුළු ජපන් මංගල උත්සවයකදී සිදුවන කටයුතු සියල්ල අගේට ඉටුකර තිබුණා.
සටොකු හා ටොමුහාරා විවාහය නිමිත්තෙන් පැවති මෙම මංගල සාදයට අමුත්තන් 50 ක් පමණ සහභාගී වුණ අතර මධ්‍යම ටෝකියෝවේදී මෙය පැවැත්වුණා.
මෙම කටයුත්ත සිදු කළේ, ජපානයේ කොකොරෝ සමාගම නිපදවූ අයි-ෆෙයිරි වර්ගයේ රොබෝවෙක්. මංගල උත්සවයේ සියලු කටයුතු කල් ඇතිව වැඩසටහන්ගත කර මෙය ක්‍රියාත්මක කරවූ බව ඔවුන් කිව්වා.
රොබෝගේ උස අඩි 4ක් වන අතර මිල නියම කර තිබෙන්නේ, ස්ටර්ලින් පවුම් 45000 ක පමණ මුදලකටයි(රුපියල් ලක්ෂ 73ක් පමණ)

0 comments:

Post a Comment