Monday, May 31, 2010

බංග්ලාදේශයේ ලිංගික මෙහෙකාරයින්ගේ ඛේදවාචකය


බංග්ලාදේශයේ ලිංගික මෙහෙයේ යෙදෙන කාන්තාවන් සිරුරු වඩවන උත්තේජක භාවිතා කිරීම නිසා දැඩි අන්තරාවකට ලක්ව සිටිනවා.
බංග්ලාදේශයේ නිත්‍යානුකූලව ලිංගික සේවා සපයන ස්ථාන 14ක් තිබෙනවා.ඇතැම් තැනක කාන්තාවන් 800ක් පමණ සේවය කරනවා.
මේ නිසා තරගය උග්‍රයි.
මේ නිසා ලිංගික සේවා සපයන කාන්තාවන් හට සිරුරු වඩවන ස්ටෙරොයිඩ් වර්ගයේ උත්තේජක භාවිත කිරීමට සිදුව තිබෙනවා.බංග්ලාදේශ පිරිමින් ඇඟපත විශාල කාන්තාවන්ට වැඩි කැමැත්තක් දැක්වීම නිසා මේ උත්තේජක භාවිත කරන කාන්තාවන්ට වැඩි ඉල්ලුමක් තිබෙනවා.

බොහෝවිට මේ උත්තේජක භාවිතා කොට ගනුදෙනු කරුවන් අල්ලා ගැනීමට සිදුවන්නේ බාලවයසේ ගැහැණු ළමුන්ටයි.කුඩා සිරුරු මහත් කිරීමට උත්තේජනක ගන්නැයි සේවාස්ථාන පාලනය කරන කාන්තාවන් මේ ළමුන්ට බල කරනවා.ඔවුන් මේ උත්තේජක හඳුන්වන්නේ විටමින් ලෙසයි.
මේ කාන්තාවන් ගන්නා ඔරැඩෙක්සෝන් උත්තේජකය වකුගඩු වලට හානි පමුණුවන අතර වැඩි භාවිතය ඇතැම් විට මරණයද ළඟා කළ හැකි ඖෂධයක්.
කෙසේ වෙතත් මේ කාන්තාවන්ගෙන් වැඩි දෙනා ඒවා පාවිච්චි කරන්නේ මේ බව නොදැන නෙමෙයි.
ඒත් හෙට ළඟාවන මරණයට වඩා අද ජීවත්වීම ඔවුන් වැදගත් කොට සලකනවා.

0 comments:

Post a Comment