Thursday, May 20, 2010

ඉරාන න්‍යෂ්ටික අර්බුදය විසඳීමට ලුලා

ඉරානය න්‍යෂ්ටික බලය අත්පත් කරගැනීම සම්බන්ධ‍ෙයන‍ ෙලාව පොළිස් කාරයා නොහොත් ඇමරිකාව හා අනෙකුත් බටහිර රටවල් නගන ගෝරනාඬුව සමතයකට පත් කිරීම සදහා බ්‍රසීල ජනාධිපති ලූලා දා සිල්වා ඉරානයට ගොස් තිබෙනවා .

මේ අතර තුර්කි අගමැති (Tayyip Erdogan) තයිප් අර්ධගෝන් ද මේ කථා බහට හවුල් වීමට බලාපොරොත්තු වෙන් සිටිනවා .

ඉරානය න්‍යෂ්ටික බලය වෙනුවට න්‍යෂ්ටික ඉන්ධන නිෂ්පාදනයේ නිරත වීමට ඉරානයට හැකි බව තුර්ති අගමැති වරයා මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කර සිටියා.

මේ මතය ඉරාන ජනාධිපතිවරයා පිළිගන්නේනම් එක්සත්ජාතීන්ගේ සංවිධානයේ අරක්ෂක මණ්ඩල‍ය සම්බාධක පනවාලීම වැලැක්විය හැකි බව තුර්කි අගමැතිවරයා විශ්වාසය පළකලා.

0 comments:

Post a Comment