Thursday, May 27, 2010

ලොව වැඩිම දෙනා නැරඹූ බෞද්ධ චිත්‍රපට පහ


ලෝකයේ ප්‍රමුඛතම බෞද්ධ රට හැටියට සැලකුණත් ලංකාවේ බෞද්ධ සිනමාව ගැන කතාබහ වන්නේ අඩුවෙන්.
නමුත් ජාත්‍යන්තර තලයේදී බුදු රජාණන් වහන්සේගේ කාලයේ සිදුවීම් මෙන්ම බෞද්ධ දර්ශනය අළලා විවිධ සිනමා නිර්මාණ බිහිවී තිබෙනවා. ඒවා අතරින් වැඩිම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට 5 පහත වගුවේ සටහන් කර තිබෙනවා.
මින් වැඩිම ආදායම් වාර්තා තබා ඇත්තේ,
Seven years in Tibet චිත්‍රපටයයි. සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් ප්‍රධාන චරිතය රඟන මෙම චිත්‍රපටය ජීන් ජැකුස් අනන්ඩ්ගේ නිර්මාණයක්. දෙවන ලෝක යුද සමයේ ටිබටයේ කඳු නැගීමට පැමිණ අතරමංවූ යුරෝපා ජාතිකයින් කිහිප දෙනෙකු දලයිලාමා මුල්කොට ගත් බෞද්ධාගමික ඓශ්චර්යය සියැසින් දැක අත්විඳින්නට සිදුවන විවිධ අත්දැකීම් වටා මෙම කතාව නිර්මාණය වනවා.
Kundun චිත්‍රපටය මාර්ටින් ස්කොසෙසේ නිර්මාණය කරන ලද්‍දක්.මේ කතාව දලයි ලාමාගේ ජීවිත කතාව පදනම් කර බිහිවුණක්. මෙහි දලයි ලාමාගේ චරිතය සඳහා අවධි හතරකට නළුවන් 4 දෙනෙකු උපයෝගී කර ගන්නවා.වැඩිහිටි දලයිලාමා ලෙස රඟන්නේ, ටෙන්සින් ටුටොබ් සරොන්ග් නමැති නළුවායි.
ඉතාලි ජාතික බර්නාඩෝ බර්ටලුසීගේ Little Buddha චිත්‍රපටය බුදුන් වහන්සේගේ ජීවන පුවත වටා නිර්මාණය වූවකි. බුදුන්ගේ ඇතැම් ජීවන සිදුවීම් වැරදි ලෙස නිරූපණය කරන බව දක්වමින් මෙම නිර්මාණය විවිධ බෞද්ධ සංවිධාන වල විවේචනයට පවා පාත්‍ර වුණා.කීනු රීව්ස් මෙහි ප්‍රධාන නළුවායි.

Himalaya චිත්‍රපටය ටිබෙට් බෞද්ධ සංස්කෘතිය අළලා නිර්මාණය වූවක්.එරික් වැලි අධ්‍යක්ෂණය කළ එය ඇකඩමි චිත්‍රපට උළෙල සඳහා නිර්දේශ වූ ප්‍රථම බෞද්ධ චිත්‍රපටය ලෙස සැලකෙනවා.
The Cup චිත්‍රපටය ප්‍රහසන ගණයේ නිර්මාණයක් වුවත් බොදු නේපාල පරිසරය හා බුදු දහම පිළිබඳ පණිවිඩය අපූර්ව ලෙස දනවන්නකි. ලෝක පාපන්දු ශූරතාවේ අවසන් තරගය නැරඹීම සඳහා ටෙලිවිෂනයක් සොයා යන තරුණයන් දෙදෙනෙකු වටා ගොඩනැගෙන මෙම කතාව කෙන්ට්සෙ නෝබු නිර්මාණය කර තිබෙනවා.

බෞද්ධ චිත්‍රපට පිළිබඳ තවත් තොරතුරු පහත යොමුවෙන් කියවන්න
http://en.wikipedia.org/wiki/Category:Buddhist_films

1 comments:

සු said...

වටින තොරතුරුවලට බොහොම ස්තූතියි (Word verification ඉවත් කරන්න පුළුවන්නම් අගෙයි)

Post a Comment