Thursday, May 20, 2010

ටෙක් කතා වලට ජයයි

ටෙක් කතා කාලිංග ඇතුළත්මුදලිගේ අපූර්ව නිර්මාණයක්. හරබර තාක්‍ෂණය ගැන කාලිංග තමාගේ මිතුරන් සමග සජීවී සාමීචියක යෙදෙනවා. හරිම සැහැල්ලූවෙන්. මොළේ කචල් කරන තාක්‍ෂණය ගැන කතා කළත් කතාව හරිම සරලයි.උණුසුම් සජීවියි. කාලය ගලායන්නේ නොදැනීමයි. ඉදිරිපත් කිරීම හරිම ප‍්‍රසාංගිකයි. ස්කයිප් ඊමේල් සහ චැට් මගින් එකතු වන්න පුළුවන්. පසුගියදා 57 වෙනි වැඩසටහන පටිගත කෙරුණා. සෑම බ‍්‍රහස්පතින්දාම රාත‍්‍රී 9 ට ටෙක් කතා පොඞ් කාස්ට් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්.
ටෙල් රේඩියෝවට සමාරම්භක දායකත්වය දක්වපු කාලිංගගේ කාරුණික අනුග‍්‍රහයෙන් ටෙල් රේඩියෝ සජීවී විකාශය ඔස්සේත් ටෙක් කතා ප‍්‍රචාරය කෙරෙනවා.

0 comments:

Post a Comment