Monday, May 24, 2010

මෙවර ඇමරිකානු රූප සුන්දරිය වූ මුස්ලිම් තරුණිය

මේ කාලයේ ඇමරිකාවට එරෙහිව ප්‍රධාන සතුරු බලවේග ක්‍රියාත්මක වන්නේ අරාබිය හා අවට මුස්ලිම් රටවලින් බව කවුරුත් දන්නවා.
පසුගිය සතියේ ඇමරිකාවේ 'මිස් ඇමරිකා' රූපරාජිණී තරගයේ කිරුළ ලෙබනනයේ මුස්ලිම් සම්භවයකින් පැවත එන වත්මන් ඇමරිකානු පුරවැසිකම ලබාගත් රුවැත්තියකට හිමිවීම දැන් මතභේදයට තුඩුදුන් සිදුවීමක් වෙලා.
ඇගේ නම රිමා ෆැකිහ් ඉපදුණේ ලෙබනනයේ.දැන් වයස 24යි.ඇය පවුල සමග ඇමරිකාවට සංක්‍රමණයවී තිබෙන්නේ වයස 18දී. මුස්ලිම් සංස්කෘතියක හැදී වැඩුණු ඇය ගැන දැන් ඇමරිකාවම කතා වෙනවා.ඇගේ සොයුරිය තවමත් ලෙබනනයේ.
පසුගිය 16 වෙනිදා ඇමරිකානු රූ රැජිණ ලෙස ඇය අභිෂේක ලත් අවස්ථාවේ ඇගේ රටේ වෙසෙන ඥාතීන් ලෙබනනයේ වීදි බැස ජය ඝෝෂා කළ බවද වාර්තා වුණා. ඉදිරියට ඇමරිකානු ජාතිය නියෝජනය කරමින් ලෝක රූ රැජිණ තරගයට පවා ඉදිරිපත් වීමට ඇයට සිදුවෙනවා.
මුස්ලිම් - අරාබි කී සැණින් ඇමරිකානුවන්ට මතක් වෙන්නේ සදාම් හුසේන්,බින් ලාඩන් සහ ඔවුන්ගේ වැඩ.මෙවැනි වාතාවරණයක රිමාගේ ජයග්‍රහණය ඇමරිකානුවන්ට පිළිගන්නට අමාරු දෙයක් වෙලා.
රිමාගේ වීඩියෝ දර්ශන

0 comments:

Post a Comment