Thursday, May 20, 2010

හොඳ හිතින් රෙදි ගැළවීම


බි‍්‍රතාන්‍යයේ ගොඩිවා ආර්යාව නිරුවතින් අසුපිට නැග බි‍්‍රතාන්‍යයේ කොන්වෙන්ටි‍්‍ර නගරයේ වීදි පුරා සැරිසැරුවේ තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ නින්දගම්වල සේවය කළ සේවකයින්ට පැනවූ බදු බර අඩු කරන්නයි. දැන් මේ උපක‍්‍රමයම බොහෝ දෙනා පාවිච්චි කරමින් සිටිනවා.
සමාජ අරමුණු සඳහා නිරුවත් වන පිරිස් එන්න එන්නම වැඩි වෙනවා.
ළමුන්ගේ හැකියාවන් සීමා කරන ඇටිසම් (Avtism) රෝගයෙන් පීඩා විඳින දැරියකට ආධාර කිරීම සඳහා කාහන්තාවන් සිය දෙනෙකු තිරිඟු යායකට ගොස් තිබුනේ දින දර්ශන ඡායාරූපයකට පෙනී සිටින්නයි. මේ දින දර්ශනය විකිණිමෙන් ලැබෙන පවුම් 26000 රෝගී දැරියගේ ප‍්‍රතිකාර සඳහා යොදවන්නයි ඇගේ මව වන කාරා බලාපොරොත්තු වන්නේ.
පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් සම්පාදනය කරගැනීමටත් බි‍්‍රතාන්‍යයේ සුපිරි තාරකාවන් රැසක් මේ ක‍්‍රමයට එකඟ වුණා.මෙසේ නිරුවත් වූ තාරකාවන් පේ‍්‍රක්‍ෂකයින්ගෙන් ඉල්ලීමක් කළා.
‘කරුණාකර ඔබේ ඇඳුම් අල්මාරියේ තිබෙන මිල අධික ඇඳුම් කිහිපයක් විකුණා මේ අරමුදලට දායක වන්න’
මේ සඳහා පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර ඉහළින්ම ලැබෙන බව සැලයි.




In This Picture:TV Presenter Jasmine Harman,Dancer, Model and Performer Camilla Dallerup,
Footballer Sol Campbell,TV Presenter and Former Apprentice Contestant Kate Walsh,TV Presenter Julia Bradbury.

0 comments:

Post a Comment