Wednesday, May 26, 2010

ජැමෙයිකාවේ තවත් මරණ

ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර ඇතිවූ කලබල වලින් මේ වන විට 60 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මිය ගිහින්. පොලිසිය සහ හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ඩුඩුස් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන අතරවාරයේ ඔහුට සහය දක්වන තුවක්කු කරුවන් පෙරළා වෙඩි තබමින් සිටිනවා.
සාමාන්‍ය ජනතාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සේ හංවඩු ගසා තිබෙන පුද්ගලයෙකු වෙනුවෙන් මේතරම් දැඩි කැපවීමකින් සටන් කිරීම බොහෝදෙනාගේ විමතියට හේතුවී තිබෙනවා.
ඩුඩුස්ගේ ආධාරකරුවන් කියා සිටින්නේ ඔහු තමන්ගේ රොබින් හුඩ් වන බවයි.
ආණිඩුව තමන්ට නොසලකා හරින විට තමන්ට ජීවිතය ගැටගසාගැනීමට අත්වැලක් වන කෙනෙක් වෙනුවෙන් මෙසේ සටන් වැදීම අරුමයක් ‍නොවන බව ඇතැමුන් පෙන්වා දෙනවා.


ජැමෙයිකාවේ කලබල ගැන මින් පෙර දින සටහන කියවන්න
ජැමෙයිකාව ගිනි ගනී

0 comments:

Post a Comment