Tuesday, May 25, 2010

ජැමෙයිකාව ගිනි ගනී


ජැමෙයිකා පොලිසිය සහ කිංග්ස්ටන් නගර වැසියන් අතරේ දෙවැනි දිනයටත් ගැටුම් හටගත්තා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සේ සැලකෙන ඩුඩුස් අත්අඩංගුවට ගෙන ඇමරිකාවේ බලධාරීන්ට භාරදීමට තැත් කළ අවස්ථාවේදී කලබල හටගත්තා.
ඩුඩුස් තමන්ට රැකවරණ සපයන බවයි ඔහු වෙනුවෙන් සටන් කරන කිංග්ස්ටන් වැසි දුප්පත් මිනිසුන් කියා සිටින්නේ. ආණ්ඩුව එම නගරය පුරා ඇඳිරි නීතිය පැනවුවත් ඉන් වැඩි ප්‍රතිඵලයක් ඇති වුනේ නැහැ.
මේ වන විට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිය ගිහින්. ගුවන් ගමන් රැසකුත් අත්හිටුවීමට සිදු වෙලා.

0 comments:

Post a Comment