Monday, May 31, 2010

සඳ මත පළමු ජනාවාසය තැනීම 2020 දී අවසන්


ජපානය අද නිකුත් කළ වාර්තාවකින් කියැවුනේ සඳමත ජනාවාස තැනීමේ ඔවුන්ගේ පළමු ව්‍යායාමය 2020දී අවසන් වනු ඇති බවය.මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන්නේ, මිනිසුන් රහිතව ජනාවාසයක් සම්බන්ධයෙන් වීම විශේෂත්වයකි.
ඒ සඳහා උපයෝගී කරගන්නේ රොබෝවන්ය.උන් පොළවේ සිට පාලනය වන අතර බලශක්තිය ලබා ගැනීමට සූර්ය කෝෂ පැනල භාවිතයට ගනී.මෙම ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ස‍ඳේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්න තෝරාගත් අවකාශයක ස්ථිරව රැඳවීමට අදහස් කරන මෙම රොබෝවන් විසින් ඉටු කරගන්නට අපේක්ෂිත ප්‍රමුඛ කාර්යය නම් සෞර්ය ග්‍රහ මණ්ඩලයේ තොරතුරු සෙවීමය.පෘථිවියට නොපෙනෙන කෝණයකින් උන් රැස් කරගන්නා තොරතුරු අනාගත අභ්‍යවකාශ පර්යේෂණ සඳහා ඉතා වැදගත් විය හැකි බව මෙම විද්‍යාඥ කණ්ඩායමේ මූලිකත්වය දරන කැට්ෂිකෝ ෂිරායි පවසා තිබෙනවා.ඩොලර් බිලියන 2.2 ක ව්‍යාපෘතියක් වන මෙය 2015 සිට ඇරඹෙන අතර 2020දී ස්ථාපිත කරන්නට නියමිතය.
Moon base is essential for exploration of the solar system. Japan has recently announced plans to send humanoid robots to the moon to construct a robot lunar base. As part of the $2.2 billion project, the robots will begin surveying the moon around 2015, and then build the unmanned base near the moon’s South Pole by 2020.

සංචාරකයින්ට වරල් සළන ඩොල්ෆින්ලා සහ තල්මසුන්ලා

ශ්‍රී ලංකාවේ අලුත්ම සංචාරක ආශ්චර්යය වී තිබෙන්නේ,ඩොල්ෆින් සහ තල්මසුන්.මොවුන් නැරඹීම සඳහාම වන හෝටල්
කිහිපයක් දැන් ගොඩනැගී තිබෙනවා.

තල්මසුන් නැරඹීම සම්බන්ධයෙන් දෙවුන්දර තුඩුව වැඩි වශයෙන් ප්‍රසිද්ධවී තිබෙන අතර ඩොල්ෆින් නැරඹීම වැඩි වශයෙන්
කල්පිටිය මුහුදේදී සිදුවෙනවා.
ජුනි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළදී ත්‍රීකුණාමලය ප්‍රදේශයේදී ඩොල්ෆින් සහ තල්මසුන් දැකගත හැකියි.මේ මසුන්
නැරඹීම ව්‍යාප්තවී ඇතැත් එය නිසියාකාරව ක්‍රියාත්මක කරවීම සඳහා මාර්ගෝපදේශයන් හෝ නීතිරීති නැතිවීම ගැන පරිසරවේදීන් කණස්සල්ල පළකරනවා.

Sri Lanka is becoming a major spot for watching Whales and Dolphins. Dondra Point of down south in Sri Lanka is the main port of Whale Watching in Sri Lanka during December to April. Out of these months December, January and April are the peak months of sightings. During these months there is 98% chances of spotting Sperm Whales and great chances of spotting Blue Whales as their migration path is just off Dondra Point. We are able to arrange Whale Watching Trips off Dondra Point in a fully insured trawler boat which will last for 3 hours. Also there are good chances of spotting Spinner Dolphins also off Dondra. Ample of accommodation options are available as Dondra point can be reach easily from Hikkaduwa, Galle, Unawatuna, Weligama, Mirissa and Tangalle which are popular beach locations in Sri Lanka.


(Video by- daily mirror)

බංග්ලාදේශයේ ලිංගික මෙහෙකාරයින්ගේ ඛේදවාචකය


බංග්ලාදේශයේ ලිංගික මෙහෙයේ යෙදෙන කාන්තාවන් සිරුරු වඩවන උත්තේජක භාවිතා කිරීම නිසා දැඩි අන්තරාවකට ලක්ව සිටිනවා.
බංග්ලාදේශයේ නිත්‍යානුකූලව ලිංගික සේවා සපයන ස්ථාන 14ක් තිබෙනවා.ඇතැම් තැනක කාන්තාවන් 800ක් පමණ සේවය කරනවා.
මේ නිසා තරගය උග්‍රයි.
මේ නිසා ලිංගික සේවා සපයන කාන්තාවන් හට සිරුරු වඩවන ස්ටෙරොයිඩ් වර්ගයේ උත්තේජක භාවිත කිරීමට සිදුව තිබෙනවා.බංග්ලාදේශ පිරිමින් ඇඟපත විශාල කාන්තාවන්ට වැඩි කැමැත්තක් දැක්වීම නිසා මේ උත්තේජක භාවිත කරන කාන්තාවන්ට වැඩි ඉල්ලුමක් තිබෙනවා.

බොහෝවිට මේ උත්තේජක භාවිතා කොට ගනුදෙනු කරුවන් අල්ලා ගැනීමට සිදුවන්නේ බාලවයසේ ගැහැණු ළමුන්ටයි.කුඩා සිරුරු මහත් කිරීමට උත්තේජනක ගන්නැයි සේවාස්ථාන පාලනය කරන කාන්තාවන් මේ ළමුන්ට බල කරනවා.ඔවුන් මේ උත්තේජක හඳුන්වන්නේ විටමින් ලෙසයි.
මේ කාන්තාවන් ගන්නා ඔරැඩෙක්සෝන් උත්තේජකය වකුගඩු වලට හානි පමුණුවන අතර වැඩි භාවිතය ඇතැම් විට මරණයද ළඟා කළ හැකි ඖෂධයක්.
කෙසේ වෙතත් මේ කාන්තාවන්ගෙන් වැඩි දෙනා ඒවා පාවිච්චි කරන්නේ මේ බව නොදැන නෙමෙයි.
ඒත් හෙට ළඟාවන මරණයට වඩා අද ජීවත්වීම ඔවුන් වැදගත් කොට සලකනවා.

අයි පෑඩ් සුළිසුලඟ

ඇපල් සමාගම පසුගියදා වෙළඳපොළට ඉදිරිපත් කළ අයි පෑඩ් පරිගණකයට ඉහළ ඉල්ලීමක් ලැබී තිබෙනවා.මේ පරිගණකය ඉතා සැහැල්ලු වන අතර සේවා සමූහයකින් සමන්විතයි.තිරය ස්පර්ශයෙන් සියල්ල හැසිරවිය හැකි නිසා භාවිතයත් පහසුයි.
මේ හුරුබුහුටි පරිගණකය අත්පත් කරගැනීමට ලන්ඩනයේ ටෝකියෝවේ සහ බර්ලිනයේ පිරිස් පෝලිම්වල රැඳී පොරකමින් සිටින බව මේ වන විට වාර්තා වනවා.අයි පෑඩ් ගැන මේ වන විට ප්‍රධාන පෙළේ පුවත්පත් විවිධ වාර්තා පළකර තිබෙනවා.
මෙහි බර රාත්තල් එකහමාරක් පමණ වන අතර උස අඟල් 10ක් පමණ වනවා.මෙහි සිත්ගන්නාසුලුම අංගය ස්පර්ශ තිරයයි.පොතක් රැගෙන යා හැකි පරිදි අතේ ගෙනයා හැකි අයි පෑඩ් එකක මිල ඩොලර් 500ක් වන අතර වඩා දියුණු අංග සහිත එකක් ඩොලර් 800 පමණ වනවා.
The iPad is a tablet computer designed and marketed by Apple  for Internet browsing, media consumption, gaming, and light content creation. Released in April 2010, it established a new class of devices between smartphones and laptops. As of May 3, 2010, Apple had sold 1 million iPads

Sunday, May 30, 2010

යුරෝ විෂන් ගායන කිරුළ ජර්මනියේ ලීනාට


නොර්වේහි ඔස්ලෝ නුවර පැවති යුරෝ විෂන් 2010 තරඟයේ ජය හිමිවී ඇත්තේ ජර්මනිය නියෝජනය කළ 19 හැවිරිදි ලීනා යි.යුරෝ කලාපයේ රටවල් 25ක තරග කරුවන් මීට එක්වූ අතර මිලියන ගණනක පිරිසක් තරඟය නැරඹුවා.ලීනා ගායනය කළ සැටලයිට් ගීතයේ තේමාව වුනේ උන්මාදනීය ප්‍රේමයයි.ලීනා කියා සිටියේ මේ ජයග්‍රාහී මොහොත ඇයට සිහීනයක් සේ දැනුණ බවයි.දෙවෙනි තැන තුර්කියටත් තුන්වෙනි තැන රුමේනියාවටත් හිමිවුණා.
Leena from Germany has emerged triumphant at this year's Eurovision Song Contest held in Norway.

Saturday, May 29, 2010

'ඩිෆරන්ට්ස් ස්ට්‍රොක්ස් 'හි ප්‍රධාන නළුවා මියයයි

ලංකාවේත් ජනප්‍රියව පැවති ඉංග්‍රීසි  ප්‍රහසන ටෙලිචිත්‍රපට මාලාවක් වූ 'ඩිෆරන්ට්ස් ස්ට්‍රොක්ස් 'හි ප්‍රධාන නළුවා වූ ගැරී කෝල්මන් අද හදිසියේ මිය ගියා.මොළයේ රුධිර වහනයක් සිදුවී ඔහු මිය යන විට 42 හැවිරිදි වියේ පසු වුණා.වයසින් වැඩිමල් කාලයේත් ඔහුගේ හැඩරුව කුඩා ළමයෙකුට සමාන වුණා.ඔහු රඟපෑ 'ද ජෙෆසන්ස්" චිත්‍රපට මාලාවත් ලංකාවේ ජනප්‍රියයි.Gary Coleman, a ‘Different Strokes‘ actor, has died after suffering from a brain hemorrhage at the age of 42.

Thousands celebrate Vesak in Sri Lanka under peaceful conditions


TELRADIO:MAY 29: Tens of thousands of people have thronged the cities in Sri Lanka to witness Vesak celebrations which is being marked in a grand scale in most parts of the island.
Helped by the improved weather conditions people were seen moving out in vehicles, motorcycles, hand tractors, bicycles and on foot to see Vesak Pandals, Lanterns and decorations which enjoying the food on the wayside Dansalas.
In a marked difference the Dansalas offered ice cream, fruit drinks in addition to the usual rice and curry meals. But some of the unusual Dansal such as one of them which offered Kerosene oil in a remote village in Badulla too was observed.
But, in main towns crowds were moving about freely with the relaxed security in contrast to where they had to move through check points and under security screening before the moved closer to pandals during the height of the war.
“We have come all the way from Kalutara to witness Vesak in Colombo because we know that there are no security problems. This is something we would have never thought of”, Rasika Rajapaksa said.
Despite the recent floods and the high economic cost the entusiasam in mark the Vesak celebrations had not reduced.
Vesa celebrations were also marked in the north and eastern provinces with the residents too taking part in the events. In Batticaloa large number of Muslims and Tamils were seen parading the streets to witness the celebrations.

කෑන්ස් උළෙලේ සම්මානලියන්ගේ විලාසිතා දැක්ම


කෑන්ස් සිනමා සම්මාන උළෙල දැන් නිමාවට පත්වී ඇතත් සුපිරි තාරකාවන්ගේ මෝස්තර නිරූපණය තවමත් විලාසිතා ලෝකය තුළ රැව් දෙනවා. සුපිරි තාරකාවන් මෙවන් සම්මාන උළෙල ස‍‍‍‍‍‍‍‍‍‍‍ඳහා ඇඳුම් තෝරාගන්නේ ඉතාම ප්‍රවේශමෙන්.සිනමා උළෙලට යනඑන මාවත් අවුරාගෙන සිටින ඡායාරෑප ශිල්පීන්ගේ කාචය හරහා සටහන් වන තම රෑපය මවන ප්‍රතිරූපය තමන්ගේ අනාගතයට බලපානවා.
මෙවර කෑන්ස් සම්මාන උළෙලේදී ඉන්දීය නිළියන් කිහිපදෙනෙක්ම සාරි ඇන්දා.
ගවුම් අඳින බහුතරය අතරේදී සාරි තුළින් ඉතා සියුම් ලෙස සිරුරේ හැඩය ඉස්මතු කරගැනීමෙන් කැපී පෙනීමට ඔවුන් උත්සාහ කළා වෙන්නට පුළුවන්.
නැගෙනහිර ආසියාවේ හා ඉතාලියේ තාරකාවන් කිහිප දෙනෙක් දිගු ගවුම් ඇඳීම සහ අලුතින්ම නිර්මාණය කරගත් ඇඳුම් ඇඳෘමත් විලාසිතා ලෝකය තුළ කතාබහට ලක්වෙමින් තිබෙනවා.
කෑන්ස් විලාසිතා බොහොමයක්ම සිරුරු හොඳින් ආවරණය වන දිග ඇඳුම් වීම විශේෂයක්.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව ඓශ්චර්යය

2010 වසර ලෝක ජෛව විවිධත්ව වසර‍ ලෙස නම් කර තිබෙනවා.ලංකාවේ පවතින ජෛව විවිධත්වය ඉතාම විස්මිතය. එය අපේ සංචාරක කර්මාන්තය සඳහා මූලිකව උදව් කරගත හැකි වැදගත් සාධකයකි.වර්ග කිලොමීටර 10000 ක භූමි භාගයක් තුළ විවිධතා සහිත ස්ථාන 50 ක් ලංකාවේ දක්නට ලැබෙන අතර මෙවැනි රටක් අසියාවේම වෙනත් තැනක හමු නොවේ.සිංහරාජය කිතුල්ගල සහ රට පුරා පිහිටි ජාතික උද්‍යාන මගින් මේ විවිධත්වය රැක ගැනීමට ලැබෙන්නේ නොමද පිටු බලයකි.
Bio diversity of Sri Lanka is to be promoted as one of the key selling points in attracting tourist to Sri Lanka. The country has been identified one of the 25 bio diversity hot spots of the world and the highest level of bio diversity per 10,000 square kilo meters in Asia is found in Sri Lanka.

The year 2010 has been declared the year of bio diversity and fortunately Sri Lanka stands out as destination that has much to offer to visitors with a passion for a difference.

The Sinharaja forest is considered a world heritage and remains a show case for bio diversity .The sinharaja rain forest is home to about 800 endemic species of flora and fauna and about 60 percent of the trees in the forest are also endemic to this mighty forest. Approximately 830 of Sri Lanka's endemic species of flora and fauna are found here, including myriad birds, reptiles and insects, while about sixty percent of the reserve's trees are also endemic to the country and some endemic to the Sinharaja Forest itself.
The 24 wild life reserves are also a treat to the tourist who are interested in the richness Sri Lanka's bio diversity.
Some of the wild life reserves are considered as strict nature reserves and special permission needs to be obtained o gain access to these reserves. Ritigala and Haggalla belong to this category.
The frogs in the central hills and the fish in the Horton plains are also interesting points for the bio diversity enthusiast.
Kithulgala Forest Reserve, Knuckles forest range and the highland peak wilderness and Adams Peak are some of the other attractions that would attract visitors who have a passion for diversity.
The national parks provide a great opportunity to peep in to the diverse eco system of Sri Lanka . The largest National Parks are Ruhuna-Yala, Gal-oya, Uda Walawe, Wilpattu, Minneriya-Girithale, Horton Plains and Wasgomuwa.

ඔබාමා තෙල් කාන්දුව පිරික්සයි

ඇමෙරිකාවේ ලුසියානා වෙරලබඩ තෙල් අට්ටාලයකින් සිදුවැති තෙල් කාන්දුව පරීක්ෂා කිරිමට ගිය ඔබාමා කිය සිටියේ තමන් සිදුවීමේ සියලු කටයුතු සොයන බවත් සිද්ධියට වගකිව යුතු කිසි කෙනෙකුට ගැලවී යන්නට ඉඩ නොදෙන බවත්ය. අවශ්‍ය වෙතොත් තමන් කෙලින්ම අමතන්නැයිද ජනපතිවරයා පළාත්වාසීන්ට කියා සිටියා. දැනට මුහුදු පත්ල යට ඇති කාන්දුවට මඩ පොම්ප කෙරෙමින් තියෙනවා. ඉන් අනතුරුව සිමෙන්ති යොදා සිදුර වසා දමන්නයි සූදානම.
US President Barack Obama says he will triple the manpower on shorelines hit by the Gulf oil spill.

Friday, May 28, 2010

මාතර කිඹුලෝ ගොඩ බසිති


ගංවතුර ඇතිවීමෙන් පසු‍ කිඹුලන් හා සර්පයින් විශාල වශයෙන් ගොඩබිමට ඇදී එන්නට පටන් ගෙන තිබෙනවා.නිල්වලා ගඟ අවට අකුරැස්ස ප්‍රදේශයේ කිඹුලන් ගොඩබිම සැරිසැරීම නිසා ගම් වැසියන්ට තම වත්ත පිටිය වැඩ කරගැනීම අසීරු වි තිබෙනවා.විශේෂයෙන් කුඩා ළමුන්ගේ ප්‍රවේශම ගැන දෙමව්පියන් සැලකිලිමත් වනවා.
ගංවතුර බැසයාමත් සමග කිඹුලන් නැවත ගඟ වෙත යතැයි බලධාරීන් විශ්වාස කරනවා.
Crocodiles visit the Southern villages
After the floods the villagers in the South have to face crocodiles and reptiles .
Villagers around the Nilwala river say that they are not able to get about with their day to day work because of the fear of being attacked by crocodiles.
A number of crocodiles have been seen in the Kamburupitiya area.
It is said that the crocodiles will return to the river once the flooding clears.

රුසියානු පාර්ලිමේන්තුවේ හොර ඡන්ද දැමිල්ලක් අතටම අසුවේ

රුසියානු පර්ලිමෙතුවෙ මන්ත්‍රිවරු හොර ඡන්ද දාන ආකාරය හෙලිදරව් වී තිබෙනවා . මත්පැන් පානය කොට රිය එළවීම ගැන පනතක් සම්මත කිරීමට සිදුවු අවස්ථාවේදී පාර්ලිමෙන්තුවෙ මන්ත්‍රීවරු වැඩි දෙනෙක් රැස්වී හිටියෙ නැහැ.රැස්ව සිටි මන්ත්‍රීවරු පැමින සිටියේ හැම මත්‍රීවරුන්ගෙම ඡන්දය ප්‍රකාශය කිරීමටයි.ඔවුන් අවශ්‍ය බොත්තම් එබුවා. මේ ප්‍රතිපලය ප්‍රකාශයට පත්වූවිට පෙනී යන්නෙ සිටියාටත් වඩා විශාල වෑඩි චන්ද ගනනකින් පනත සම්මත වී ඇති බවයි. මෙ වංචාවෙ අරමුන රුසියාවෙ පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදය තවුරුව තිබෙන බව තහවුරු කිරීමටයි. හැමදෙනම රෑවටිය හකි නමුත් හැම කල්ම රැවටිය නොහැකි යන කියමන සනාත වූ බව කියන විචාරකයන් කියන්නෙ රුසියානු පාර්ලිමේන්තුව දැන් හුදෙක් රබර් සීල් එකක් බවය.‍‍
මේ විඩියෝවේ එලෙස බොත්තම් එබු අයුරු බලන්න
The Members of the Russian parliament have got caught cheating on votes.
The few MPS who were present at the voting time pressed the voting buttons on behalf of the absent MP's .
A television camera crew captured the moment.

ඉන්දියානු‍‍වන්‍ට ඕනෑ පොඩි කොන්ඩම් -සමීක්ෂණයකින් හෙළිවේ

ඉන්දියානු වෙළඳ පොළේ ඇති කොන්ඩම් එරට පුරුෂයන්‍ට ලොකු වැඩි බව එරට වෛද්‍ය පර්යේෂණ මණ්ඩලය කළ පර්යේෂණයකින් අනාවරණය වනවා. එයට අනුව ඉන්දියානු පුරුෂයින්ගෙන් හරි අඩකට වඩා භාවිත කරන්නේ ප්‍රමාණයෙන් ලොකු කොන්ඩම්ය.
මේවා ලිස්සා වැටෙන සුළු හෝ ඉරෙන සුළු බවට වාර්තා කර තිබෙනවා.ප්‍රමාණයෙන් කුඩා ඒවා ගැන පවතින දැනුම අඩුවීම හෝ ඒවා මිලට ගන්නට ලජ්ජාවීම නිසා භාවිතය අඩු වන බව පර්යේෂණ පෙන්වා දෙනවා.ඉන්දියාව ලෝකයේ වැඩිම එච් අයි වී ආසාදිතයින් සිටින රටක්.‍
According to a study of the Indian councial of Medical Research more than 1,000 men in India say that condoms made according to international sizes are too large.
The study reveled that t more than half of the men measured had penises that were shorter than international standards for condoms.
It has led to a call for condoms of mixed sizes to be made more widely available in India.
The study concluded that  about 60% of Indian men have penises which are between three and five centimetres shorter than international standards used in condom manufacture.
The issue is serious because about one in every five times a condom is used in India it either falls off or tears,and india has the highest number of HIV infections. 

සුඩාන බෂීර් යළි වැඩ අරඹයි


සුඩානයේ ජනාධිපති ඕමාර් අල් බෂීර් දෙවන ධූර කාලයේ වැඩකටයුතු ආරම්භ කොට තිබෙනවා.බෂීර්ට එරෙහිව යුද අපරාධ චෝදනා නැගී තිබුණ අතරවාරයේ අන්තර්ජාතික අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කොට තිබෙනවා.ඩැෆර් කලාපයේ ගැටුම් හේතුවෙන් මේ වන විට විසි ලක්ෂයකට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.සුඩාන කැරළිකරුවන් මර්දනය කිරීමේ ස්වරූපය මානව හිමිකම් උල්ලංඝනයක් ලෙසයි සැලකෙන්නේ. බෂීර් ජනපතිවරණයෙන් ජයගත් ආකාරයත් ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට අනුව දූෂිතයි.
බලයේ සිටින ජනපතිවරයෙකුට එරෙහිව අන්තර්ජාතික අධිකරණයකින් වරෙන්තුවක් නිකුත් කළ ප්‍රථම වතාව මෙයයි.එසේම නිකුත් කළ වරෙන්තුවක් ක්‍රියාවට නැංවීම‍ට නොහැකිවන ප්‍රථම වතාවත් මෙය වන්නට ඉඩ තිබෙනවා.
President Omar al-Bashir will be sworn in for a new term as the President of Sudan.
International observers and the United States, criticized the elections and said there were irregularities in many parts of the country.
Last year, the International Criminal Court issued an arrest warrant for al-Bashir over alleged war crimes and crimes against humanity in Darfur.
The incumbent president has defied the arrest warrant, the first ever issued by the ICC for a sitting head of state.

Thursday, May 27, 2010

පකිස්තානයේ යූ ටියුබ් එකට අර්ධ නිදහසක්

පකිස්තාන බලධාරීන් එරට පැනවී තිබුණු යූටියුබ් තහනම දැන් ලිහිල් කොට තිබෙනවා.දැන් පකිස්තානුවන්ට යූ ටියුබ් වෙබ් අඩවියට පිවිසීමට නීතියෙන් බාධාවක් නැති වුණත්,ඇතැම් යූ ටියුබ් වීඩියෝ අංග වෙත පිවිසීම  අවහිර කර තිබෙනවා.ඉස්ලාම් ඇදහීම්වලට එරෙහිව අන්තර්ගතකර තිබූ වීඩියෝ අංග 1200 පමණ අවහිර කරන ලද බවයි බලධාරීන් පවසන්නේ.
Pakistan partially lifts YouTube  ban
Access to you tube has been allowed to  you tube viewers in Pakistan but  links to 1,200  'offensive' web sites have been blocked.
(Picture:Muslims were outraged after a Facebook page invited cartoons on the Prophet Mohammad  [AFP])

ලොව වැඩිම දෙනා නැරඹූ බෞද්ධ චිත්‍රපට පහ


ලෝකයේ ප්‍රමුඛතම බෞද්ධ රට හැටියට සැලකුණත් ලංකාවේ බෞද්ධ සිනමාව ගැන කතාබහ වන්නේ අඩුවෙන්.
නමුත් ජාත්‍යන්තර තලයේදී බුදු රජාණන් වහන්සේගේ කාලයේ සිදුවීම් මෙන්ම බෞද්ධ දර්ශනය අළලා විවිධ සිනමා නිර්මාණ බිහිවී තිබෙනවා. ඒවා අතරින් වැඩිම ආදායම් වාර්තා තැබූ චිත්‍රපට 5 පහත වගුවේ සටහන් කර තිබෙනවා.
මින් වැඩිම ආදායම් වාර්තා තබා ඇත්තේ,
Seven years in Tibet චිත්‍රපටයයි. සුපිරි හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් ප්‍රධාන චරිතය රඟන මෙම චිත්‍රපටය ජීන් ජැකුස් අනන්ඩ්ගේ නිර්මාණයක්. දෙවන ලෝක යුද සමයේ ටිබටයේ කඳු නැගීමට පැමිණ අතරමංවූ යුරෝපා ජාතිකයින් කිහිප දෙනෙකු දලයිලාමා මුල්කොට ගත් බෞද්ධාගමික ඓශ්චර්යය සියැසින් දැක අත්විඳින්නට සිදුවන විවිධ අත්දැකීම් වටා මෙම කතාව නිර්මාණය වනවා.
Kundun චිත්‍රපටය මාර්ටින් ස්කොසෙසේ නිර්මාණය කරන ලද්‍දක්.මේ කතාව දලයි ලාමාගේ ජීවිත කතාව පදනම් කර බිහිවුණක්. මෙහි දලයි ලාමාගේ චරිතය සඳහා අවධි හතරකට නළුවන් 4 දෙනෙකු උපයෝගී කර ගන්නවා.වැඩිහිටි දලයිලාමා ලෙස රඟන්නේ, ටෙන්සින් ටුටොබ් සරොන්ග් නමැති නළුවායි.
ඉතාලි ජාතික බර්නාඩෝ බර්ටලුසීගේ Little Buddha චිත්‍රපටය බුදුන් වහන්සේගේ ජීවන පුවත වටා නිර්මාණය වූවකි. බුදුන්ගේ ඇතැම් ජීවන සිදුවීම් වැරදි ලෙස නිරූපණය කරන බව දක්වමින් මෙම නිර්මාණය විවිධ බෞද්ධ සංවිධාන වල විවේචනයට පවා පාත්‍ර වුණා.කීනු රීව්ස් මෙහි ප්‍රධාන නළුවායි.

Himalaya චිත්‍රපටය ටිබෙට් බෞද්ධ සංස්කෘතිය අළලා නිර්මාණය වූවක්.එරික් වැලි අධ්‍යක්ෂණය කළ එය ඇකඩමි චිත්‍රපට උළෙල සඳහා නිර්දේශ වූ ප්‍රථම බෞද්ධ චිත්‍රපටය ලෙස සැලකෙනවා.
The Cup චිත්‍රපටය ප්‍රහසන ගණයේ නිර්මාණයක් වුවත් බොදු නේපාල පරිසරය හා බුදු දහම පිළිබඳ පණිවිඩය අපූර්ව ලෙස දනවන්නකි. ලෝක පාපන්දු ශූරතාවේ අවසන් තරගය නැරඹීම සඳහා ටෙලිවිෂනයක් සොයා යන තරුණයන් දෙදෙනෙකු වටා ගොඩනැගෙන මෙම කතාව කෙන්ට්සෙ නෝබු නිර්මාණය කර තිබෙනවා.

බෞද්ධ චිත්‍රපට පිළිබඳ තවත් තොරතුරු පහත යොමුවෙන් කියවන්න
http://en.wikipedia.org/wiki/Category:Buddhist_films

රස්බෝරා සොයාගැනෙයි


ශ්‍රී ලංකාවේ රස්බෝරා මාළුවා පිළිබඳ නිරීක්ෂණයේ යෙදුණු විද්‍යාඥයින් පිරිසක් ශ්‍රී ලංකාවටම ආවේණික වූ රස්බෝරා විශේෂයන් 2 ක් අලුතින් හඳුනාගෙන තිබෙනවා.අංජන සිල්වා,කලන මාදුවගේ සහ රොහාන් පෙතියාගොඩගේ නිරීක්ෂණයට ලක්වූ මේ මත්ස්‍ය විශේෂ දෙක හඳුන්වා ඇත්තේ, ආර්.ආම්ටේජි සහ ආර්.තගායි යනුවෙනි.රස්බොරා ආර්මිටේජි මත්ස්‍ය විශේෂ බහුලව දක්නට ලැබෙන්නේ කලු ගඟ ආශ්‍රිතවයි.ආර්.තගායි බහුල වළවේ ගඟ ආශ්‍රිතවයි.

Sri Lankan scientists have reviewed the Rasbora of Sri Lanka and conclude that there are five species on the island, including two species that they describe as new.
Anjana Silva, Kalana Maduwage and Rohan Pethiyagoda published the results of their study in a recent issue of the journal Ichthyological Exploration of Freshwaters, in which they name the two new rasbora species from the south of the island R. armitagei and R. naggsi.
Rasbora armitagei is named for prominent British aquarist David Armitage in recognition of his efforts to build awareness of and conserve freshwater fishes in tropical countries including Sri Lanka.
It is known from the Kalu River drainage of southern Sri Lanka, and is distinguished from all Indian and Sri Lankan Rasbora except R. wilpita in having a prominent symphysial knob on the lower jaw and a conspicuous premaxillary lateral process. It differs from R. wilpita in having a more slender head (depth 48–53% head length vs. 54–62) and body (depth 23.2–24.4% standard length vs. 24.7–29.3).
Rasbora naggsi (above) differs from southern Indian and Sri Lankan congeners in having a combination of: anteriorly narrow axial stripe, terminal mouth, absence of a symphysial knob and premaxillary lateral process, ½4/1/1½ scales in transverse line on the body, post-dorsal length 43.8–46.5% standard length and body depth 18.1–21.7% standard length.
It is known from the walawe River drainage of south-central Sri Lanka, and the species name honours malacologist (mollusc expert) Fred Naggs of the Natural History Museum, London, for supporting biodiversity exploration and research in Sri Lanka.
In addition to the two new species, the other three species of Rasbora recognised as valid in the study are R. dandia, R. microcephalus and R. wilpita. Rasbora dandia is previously considered a junior synonym of R. daniconius, and is recovered from this synonymy here.


(source: www.practicalfishkeeping.co.uk)

Galle Maritime Museam opens to the public

The National Maritime Museum in Galle, which is  located within the Galle fort has once again opened its doors to the public. This museum specializes in the fauna and flora of the sea. Artifacts consist of underwater artifacts and scaled-down models of whales and fish.

Other exhibits include life-size dioramas of the traditional methods of fishing and the "walk into the sea" diorama, showing the natural coral beds, sea grass beds and deep sea fish. One of the final exhibits of the museum is a display of the causes of sea pollution, coast erosion, and the methods used to combat these problems.

The museum suffered flood damage from the 2004 Asian tsunami.

Wednesday, May 26, 2010

ගොනුන් ප්‍රකෝපකිරීම භයානකයි.

ස්පාඤ්ඤයේ ගොන් පොර කරුවෙකු වන ජුලියෝ ඇප්‍රිකියෝ පමණට වඩා තම ගොනා ප්‍රකෝප කිරීම නිසා බරපතල ඇබැද්දියකට මුහුණ පා තිබෙනවා. නිකට දෙසට එල්ලවූ හරක් අඟ මතුවුනේ කටින්. වාසනාවකට වගේ ගොනා අඩියක් පස්සට ගත්තා.
නහයෙන් කටින් ලේ හළාගත් ජූලියෝ ක්‍රීඩාගාරය දෙසට ගෙනයද්දී දහස් ගණනක් ප්‍රේක්ෂකයෝ ගල්ගැසී බලා සිටියා.
මේ ගොනා කාලයක් පටන් පලිගැනීමට උත්සාහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
ගොන්පොර අමානුෂික ක්‍රීඩාවක් බව ඇතැමුන් තර්ක කළත් ස්පාඤ්ඤයේ ගොන් පොර ක්‍රීඩාගාර අතුරු සිදුරු නැතිව පිරී යනවා. අනෙක් අතට මේ වගේ සිදුවීමකින් පස්සේ මතුවන ප්‍රශ්නය තමයි ඇත්ත ගොනා කවුද කියන එක.
(පිංතූර සිත කලබල කරන සුළුය)
සිදුවීමේ වීඩියෝ දර්ශනය

ලෝකයේ මිල අධිකම කාර් එක මොකක්ද?

ලෝකයේ මිල අධිකම කාර් අතර දැන් වෙළෙඳ පොළේ මිලෙන් ඉහළම ඉන්නේ Bugatti veron පැයට සැතපුම් 253ක් වේගයෙන් ගමන් කරන්න පුළුවන්.ලංකාවේ මුදලින් මිල රුපියල් මිලියන 200 කට කිට්ටුයි. දැනට Bugatti veron නිෂ්පාදනය කරන්නේ, වොක්ස්වැගන් සමාගමයි.
දෙවෙනි තැන ගන්නේ Lamborghin Reventon මිල මිලියන 190 ක් පමණ.මේ වර්ග‍යේ කාර් දැනට වෙළෙ පොළට නිකුත් කර තිබෙන්නේ 20 ක් විතරයි.උපරිම වේගය පැයට සැතපුම් 211ක්.
තුන්වෙනියා maclaran FI පැයට සැතපුම් 240ක වේගය තියෙන මේ කාර් එක මුලින්ස 1994 නිපදවූවත් තවම ජනප්‍රියයි.
Ferari enzo සුපිරි කාර් ලෝලීන් අතර ජනප්‍රිය කාර් එකක්. උපරිම වේගය පැයට සැතපුම් 217ක්.
ඉතාලි නිෂ්පාදනයක් වන Pagani zonda ඇමරිකන් නිෂ්පාදනයක් වන saleen , sweedenaye koenisega , mercidze benz maclaren සහ Porshe carera සුපිරි කාර් දර්ශකයේ ඉහළින්ම ඉන්නෙ.
ලෝකයේ වේගවත්ම කාර් එක සේ සැලකෙන ultimate aero කාර් එක තියෙන්නේ මේ දර්ශකයෙ මැද හරියේ.උපරිම ධාවන වේගය පැයට සැතපුම් 257 ක්.මෙය නිෂ්පාදනය කරන්නේ ඇමරිකාවේ shelby සමාගමයි.

උතුරු දකුණු කොරියානු සබඳතා බිඳවැටේ


තමන් දකුණු කොරියාව සමග පැවති සියලුම සබඳතා අත්හරින බව උතුරු කොරියාව කියා සිටිනවා.දකුණු කොරියාව කියා සිටින්නේ උතුරු කොරියාව තමන්ගේ යුද නැවක් පුපුරවා හැරීමේ වන්දිය ගෙවිය යුතු බවයි.
මාර්තු මාසේ 26 වෙනිදා තමන්ගෙ යුද නැව පුපුරවා හැරියේ උතුරු කොරියාව බව විමර්ශන වලින් තහවුරුවී තිබෙනවා.මෙයින් නාවිකයිනි 46ක් මියගියා.
මේ සිදුවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කරන බව දකුණු කොරියාව කියා සිටිනවා.
එමෙන්ම උතුරු කොරියානු නැව් වලට දකුණු කොරියානු මුහුද දැන් තයනම් කළාපයක්.‍
අනෙක් අතට උතුරු කොරියානු පාලක කිම් ජෝන්ග් ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ඔහුගේ ප්‍රධානතම සහයාකයා චීනයයි.
දැන් ඊළඟට වෙන්නේ මොනවාදැයි කවුරුතු බලාගෙනයි ඉන්නේ...

ජැමෙයිකාවේ තවත් මරණ

ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර ඇතිවූ කලබල වලින් මේ වන විට 60 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මිය ගිහින්. පොලිසිය සහ හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ඩුඩුස් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන අතරවාරයේ ඔහුට සහය දක්වන තුවක්කු කරුවන් පෙරළා වෙඩි තබමින් සිටිනවා.
සාමාන්‍ය ජනතාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සේ හංවඩු ගසා තිබෙන පුද්ගලයෙකු වෙනුවෙන් මේතරම් දැඩි කැපවීමකින් සටන් කිරීම බොහෝදෙනාගේ විමතියට හේතුවී තිබෙනවා.
ඩුඩුස්ගේ ආධාරකරුවන් කියා සිටින්නේ ඔහු තමන්ගේ රොබින් හුඩ් වන බවයි.
ආණිඩුව තමන්ට නොසලකා හරින විට තමන්ට ජීවිතය ගැටගසාගැනීමට අත්වැලක් වන කෙනෙක් වෙනුවෙන් මෙසේ සටන් වැදීම අරුමයක් ‍නොවන බව ඇතැමුන් පෙන්වා දෙනවා.


ජැමෙයිකාවේ කලබල ගැන මින් පෙර දින සටහන කියවන්න
ජැමෙයිකාව ගිනි ගනී

සුපිපි චෙල්සි මල් උයන

බ්‍රිතාන්‍යයේ චෙල්සි මල් සැණකෙළිය මේ දවස්වල පවත්වනවා.උළෙලට දින ගණනාවකට කලින් සියලු ප්‍රවේශපත් විකිණී හමාර වුණා. මල් ගහ කොළ ජීවිතයට ගෙනෙන සතුට මේ උළෙල පුරා විසිරී පවතිනවා. මේවර උළෙගල්දී මීමැස්සන් ප්‍රියකරන මල් වලට තැනක් දී තිබෙන්නේ, මී මැස්සා කරන මෙහෙය අවධාරණය කරන්නයි.

Tuesday, May 25, 2010

රොබෝවෙකු මෙහෙයවූ ජපන් මංගල උළෙල


මංගල උත්සව මෙහෙයවන්නන් හැටියට තෝරාගන්නේ බොහොම පළපුරුදු පුද්ගලයින්.නමුත් ‍පසුගිය සතියේ ජපානයේ පැවති මංගල උත්සවයක් මෙහෙයවන ලද්දේ අපූරු පුද්ගලයෙක්.ඒ යාන්ත්‍රික රොබෝවෙක්.එම රොබෝ විසින් මංගල මුද්ද පිරිනැමීම, සිප ගැනීමට අවස්ථාව දැන්වීම, සුබ පැතීම ඇතුළු ජපන් මංගල උත්සවයකදී සිදුවන කටයුතු සියල්ල අගේට ඉටුකර තිබුණා.
සටොකු හා ටොමුහාරා විවාහය නිමිත්තෙන් පැවති මෙම මංගල සාදයට අමුත්තන් 50 ක් පමණ සහභාගී වුණ අතර මධ්‍යම ටෝකියෝවේදී මෙය පැවැත්වුණා.
මෙම කටයුත්ත සිදු කළේ, ජපානයේ කොකොරෝ සමාගම නිපදවූ අයි-ෆෙයිරි වර්ගයේ රොබෝවෙක්. මංගල උත්සවයේ සියලු කටයුතු කල් ඇතිව වැඩසටහන්ගත කර මෙය ක්‍රියාත්මක කරවූ බව ඔවුන් කිව්වා.
රොබෝගේ උස අඩි 4ක් වන අතර මිල නියම කර තිබෙන්නේ, ස්ටර්ලින් පවුම් 45000 ක පමණ මුදලකටයි(රුපියල් ලක්ෂ 73ක් පමණ)

බ්‍රිතාන්‍යයේ පළමු ගබ්සා දැන්වීම


බ්‍රිතාන්‍යයේ ගබ්සා සේවා දැන්වීමක් රූපවාහිනියේ පළමු වරට ප්‍රචාරය වුණා.මේ එම දැන්වීමයි. මෙහි මූලික පණිවිඩය ප්‍රමාද නොවන ලෙසයි. මාරි ස්ටොප්ස් ආයතනය කියා සිටින්නේ, ගබ්සාව සඳහා අවශ්‍ය තොරතුරු තමන්ට ලබාදිය හැකි බවයි. මේ දැන්වීමට විරෝධය පළකරන කණ්ඩායමි කියා සිටින්නේ, මේ දැන්වීම මගින් ජීවිතයේ අගය හෑල්ලුවට ලක් කරන බවයි. දැන්වීම පළ කළ මාරි ස්ටොප්ස් ආයතනය කියා සිටින්නේ ගබ්සා ගැන තොරතුරු දැනගැනීසම් අයිතියක් කාන්තාවන්ට පවතින බවයි.

ජැමෙයිකාව ගිනි ගනී


ජැමෙයිකා පොලිසිය සහ කිංග්ස්ටන් නගර වැසියන් අතරේ දෙවැනි දිනයටත් ගැටුම් හටගත්තා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සේ සැලකෙන ඩුඩුස් අත්අඩංගුවට ගෙන ඇමරිකාවේ බලධාරීන්ට භාරදීමට තැත් කළ අවස්ථාවේදී කලබල හටගත්තා.
ඩුඩුස් තමන්ට රැකවරණ සපයන බවයි ඔහු වෙනුවෙන් සටන් කරන කිංග්ස්ටන් වැසි දුප්පත් මිනිසුන් කියා සිටින්නේ. ආණ්ඩුව එම නගරය පුරා ඇඳිරි නීතිය පැනවුවත් ඉන් වැඩි ප්‍රතිඵලයක් ඇති වුනේ නැහැ.
මේ වන විට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මිය ගිහින්. ගුවන් ගමන් රැසකුත් අත්හිටුවීමට සිදු වෙලා.

ගබ්සා විරෝධී ඔබාමා දැන්වීම


බ්‍රිතාන්‍යයේ ගබ්සා සේවා දැන්වීමක් රූපවාහිනියේ ප්‍රචාරය කිරීමට තීරණය කිරීමත් සමගම තවත් ගබ්සා විරෝධී දැන්වීමක් ගැන යළිත් කතාබහ ඇතිවී තිබෙනවා.මේ දැන්වීමෙන් කියන්නේ දරුවෙකුට ජීවිතය ජය ගැනීමට ඇති හැකියාවයි. මේ දරුවාගේ මව දහසක් දුක් කම්කටොලු මැද්දේ දරුවන් හදාවඩා ගැනීමට තීරණය කරනවා. දරුවා ලෝකයේ බලවත්ම රාජ්‍යයේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වනවා. දරුවා ජනපති බරක් ඔබාමා.

කෑන්ස්හි තායිලන්ත ජය

තායිලන්ත සිනමාකරු Apichatpong Weerasethakul 63 වෙනි කෑනස් සිනමා උළෙලේ පාම් ඩොර් සම්මානය හිමි කරගත්තා. ඔහුගේ Loong Boonmee Raluek Chat (පෙර ආත්මයේ මතක බූන්මි මාමා) තමන්ගේ පෙර ආත්මය සමග යළි ජීවත් වන මිනිසෙක්ගේ කතාවක්. සම්මානය භාරගනිමින් apichatpong කියා සිටියේ තමන් තායිලන්තයේ සියලුම යක්ෂයින්ට සහ භූතයින්ට ස්තූතිවන්ත වන බවයි. මළවුන්ගේ ආත්මය සතුන් සහ මිනිසා අතර පැවතිය හැකි සහජීවනය මේ චිත්‍රපටයෙන් විමසා බැලෙනවා. වකුගඩු රෝගයේන් පීඩා විඳින බූන්මි මාමාගේ සුවදුක් බැලීමට ඔහුගේ පෙර ආත්මයේ බිරිඳ ඔහු හමුවීමට පැමිණීම වටා කතාව දිග හැරෙනවා.
මෙම උළෙලේදී අප්‍රිකානු සිනමා පට කිහිපයකටත් සම්මාන හිමිවී තිබුණා.
සම්මාන ලාභීන්
Palme d’Or: Uncle Boonmee Who Can Recall His Past Lives directed by Apichatpong Weerasethakul Grand Prix (runner-up): Des Hommes Et Des Dieux (Of God and Men), directed by Xavier Beauvois Prix de la Mise en Scene (best director): Mathieu Amalric for “Tournée” (On Tour) Prix du Scenario (best screenplay): Poetry by Lee Chang-dong Camera d’Or (best first feature): Año Bisiesto directed by Michael Rowe Prix du Jury (jury prize): A Screaming Man directed by Mahamat-Saleh Haroun Prix d’interpretation feminine (best actress): Juliette Binoche for “Certified Copy” (directed by Abbas Kiarostami) Prix d’interpretation masculine (best actor – a Tie): Javier Bardem for “Biutiful” (directed by Alejandro González Iñárritu) and Elio Germano for “La Nostra Vita” (directed by Daniele Luchetti) Palme d’Or (short film): Chienne d’Histoire directed by Serge Avedikian

Loong Boonmee Raluek Chat හඳුන්වාදීමේ දර්ශන පෙළ

ඇන්ඩෘ කුමරුගේ හිටපු බිරිය සාරා හිනාවෙන් ලිස්සයි

බ්‍රිතාන්‍යයේ ඇන්ඩෘ කුමරාගෙ හිටපු  බිරිඳ වූ සාරා ෆර්ගියුසන් අල්ලස් ලබාගැනීමට කල උත්සාහයක් සැහැල්ලු හිනාවකින් වසා  ගැනීමට සමත්ව සිටිනවා.
සාරාගෙ හිටපු ස්වාමි පුරුෂයා වු ඇන්ඩෘ කුමරු ගෙ ඇසුර ලබාගැනීමට පවුම් ලක්ෂ 5ක් ඇය ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ගෙන් ඉල්ලා සිටියා
ඇය  නිවුස් ඔෆ් ද වර්ල්ඩ් පුවත්පතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු  ඇමට අසුවු බව දැනගත්තේ එම පුවත ඉරිදා පුවත්පතේ පළවීමෙන් අනතුරුවයි
ඇය ළමුන් වෙනුවෙන් කල සේවයක් නිසා ඇමරිකාවේ ලොස් ඇන්ජලේස් නගරයේදී ඇයට සම්මනයක් හිමිවුනේත් එදාමයි.
 සම්මානය භාර ගන්නා වෙලාවේ පුවත්පතේ පළවූ දේ ගැන කම්පා වූ බව කියා සිටියත් පසුව පුවත්පත් නිවේදනයකින් ඇය කියා සිටියේ ඇයට බරපතල අතපසුවීමක් සිදුවූ බවයි.
තමන්ට අගහිඟකම් රැසක් ඇති බව ඇඟවූ සාරා ඇන්ඩෘ කුමරු මේ ගනුදෙනු කිසිවක් නොදන්නා බවද කියා සිටියා.
වැඩි හාවක් හූවක් නැතිව බ්‍රිතාන්‍ය ජනතාව සාරාගේ කතාව දැන් පිළි අරගෙන.

Monday, May 24, 2010

Grand Vesak celebrations despite adverse weather

TELRADIO:MAY 24 – Despite the adverse weather causing wide spread destruction and inconvenience to the public preparations are underway for a grand Vesak Celebration throughout the country later this week.
Pendals , Vesak decorations and competitions to mark the event are already coming up while the state Vesak festival was due to be declared open at the Mahiyanganaya Raja Maha Viharaya on Monday.
In the north central province arrangements have been put in place to accommodate a large number of pilgrims from the south of the country in view of the peaceful atmosphere prevailing following the end of the war last year.
Police and the army have put into place security arrangements for the Vesak season.
In Colombo for the first time a businessman has come forward to put up a double-decker bus for Vesak sight-seers.
“We are planning to charge Rs. 950 for the two and half visit on the Vesak days later in the week covering all the Pendals and the Vesak decorations in the city”,  a spokesman for the organization said.
The government as well as other organizations have organized Vesak related competitions including awards for the best Vesak lanterns which will be on display.
The government has urged people to hoist the Buddhist flag and decorate the buildings to mark the event.

මෙවර ඇමරිකානු රූප සුන්දරිය වූ මුස්ලිම් තරුණිය

මේ කාලයේ ඇමරිකාවට එරෙහිව ප්‍රධාන සතුරු බලවේග ක්‍රියාත්මක වන්නේ අරාබිය හා අවට මුස්ලිම් රටවලින් බව කවුරුත් දන්නවා.
පසුගිය සතියේ ඇමරිකාවේ 'මිස් ඇමරිකා' රූපරාජිණී තරගයේ කිරුළ ලෙබනනයේ මුස්ලිම් සම්භවයකින් පැවත එන වත්මන් ඇමරිකානු පුරවැසිකම ලබාගත් රුවැත්තියකට හිමිවීම දැන් මතභේදයට තුඩුදුන් සිදුවීමක් වෙලා.
ඇගේ නම රිමා ෆැකිහ් ඉපදුණේ ලෙබනනයේ.දැන් වයස 24යි.ඇය පවුල සමග ඇමරිකාවට සංක්‍රමණයවී තිබෙන්නේ වයස 18දී. මුස්ලිම් සංස්කෘතියක හැදී වැඩුණු ඇය ගැන දැන් ඇමරිකාවම කතා වෙනවා.ඇගේ සොයුරිය තවමත් ලෙබනනයේ.
පසුගිය 16 වෙනිදා ඇමරිකානු රූ රැජිණ ලෙස ඇය අභිෂේක ලත් අවස්ථාවේ ඇගේ රටේ වෙසෙන ඥාතීන් ලෙබනනයේ වීදි බැස ජය ඝෝෂා කළ බවද වාර්තා වුණා. ඉදිරියට ඇමරිකානු ජාතිය නියෝජනය කරමින් ලෝක රූ රැජිණ තරගයට පවා ඉදිරිපත් වීමට ඇයට සිදුවෙනවා.
මුස්ලිම් - අරාබි කී සැණින් ඇමරිකානුවන්ට මතක් වෙන්නේ සදාම් හුසේන්,බින් ලාඩන් සහ ඔවුන්ගේ වැඩ.මෙවැනි වාතාවරණයක රිමාගේ ජයග්‍රහණය ඇමරිකානුවන්ට පිළිගන්නට අමාරු දෙයක් වෙලා.
රිමාගේ වීඩියෝ දර්ශන

ජෝර්ජ් වොෂින්ටන්ගේ පොත වසර 221 කට පසු නැවත භාර දෙයි

පුස්තකාලයේ පොත් නැවත භාර නොදෙන පුරුද්ද ලොව ප්‍රකට පුද්ගලයින්ටත් තිබෙනවා.
හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් විසින් නිව්යෝර්ක් නගරයේ පැරණි නාගරික පුස්තකාලයෙන් කියවීම සඳහා මීට වසර 221 කට පෙර රැගෙන ගිය පොතක් ඔහුට අතපසුවීමක් නිසා නැවත භාර දීමට අමතක වෙලා.
 එමා ඩි වටෙල් ලියූ එම පොතේ නම
"The Law of Nations" මේ පොත නැවත භාර නොදුන් බව එම පුස්තකාලයටත් අමතකව තිබූ අතර පසුගිය දිනවල සිදු කෙරුණු නැවත සමීක්ෂණයකදී ඒ බව තහවුරු වීමෙන් පසු ඒ ගැන සඳහන් කරමින් නිව්යෝර්ක් ඩේලි නිවුස් පුවත්පතේ ලිපියක් පළවී තිබුණා.
ජෝර්ජ් වොෂින්ටන් ඥාතීන් මෙම පොත භාරදීමට කටයුතු කළේ මෙම ලිපිය දැකීමෙන් පසුවයි.

අම්මෙ මම කතා කරන්නේ ලෝකයේ උසම තැන ඉඳන්


ලෝකයේ උසම තැන වන එවරස්ට් කඳුමුදුන තරණය කළ ළාබාලම පුද්ගලයා වීමට 13 න් හැවිරිදි ඡෝර්දන් රොමෙරෝ සමත් වුනා.

අඩි 29000 ක් පමණ වන එවරස්ට් කඳුමුදුන තරණය කළ ඔහු එහි සිට තම මවට චන්දි‍්‍රකා තාක්ෂණ දුරකථනයක් ඹස්සේ කතා කර ඇති බවද සදහන්.

තවද ඔහු වයස 10 දී අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කඳු මුදුනටත් නැග තිබෙනවා.

මීට පෙර එවරස්ටි කදුමුදුන තරනය කල ලාබාලම පුද්ගලයා වූයේ නේපාල් ඡතික ටෙමිබා ටෙෂ්රි වන අතර එවිට ඹහුට වයස අවුරුදු 16 විය.

Sunday, May 23, 2010

අඟුරු සිත්තම් දැක්ම දැන් VAFA ගැලරියේ

අඟුරු කියන්නේ හරිම අපූරු ද්‍රව්‍යයක්.අඟුරු ඉරකින් හීන් පැන්සල් ඉරකට වඩා බොහෝ දේ කියාපානවා.අඟුරු රේඛාව මුරණ්ඩුයි.මේ මුරණ්ඩු රේඛා ඔස්සේ තමන්ගේ පරිකල්පණය මෙහෙයවපු තරුණ සිත්තරුන් කිහිපදෙනෙකු නව නිර්මාණ එළිදක්වනවා.
මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ මැයි 17සිට 31 දක්වා.
ස්ථානය 38 නව ජයවීර මාවත,ඇතුල්කෝට්ටේ පිහිටි VAFA ගැලරියේදී



Artists taking part are,
- Shanaka Kulathunge,Chanudi Wickramasinha,Pushpitha Iresh,Pathum Nimesh,Senani Senanayake,Nalin Karunarathne,Dayananda,Savindi Niriella,Sajeewa Thotagamuwa,Srimathi Edirisuriya,Ranga Prasad,Nikita Deana,Lester,Neeliya Puvimannasinghe

VAFA බුලටින් එක යළිත් පියා සලයි

සංස්කෘතිය ගැන අලුත් මානයකින් තොරතුරු සහ දැනුම ගෙනෙන VAFA බුලටින් එක යළිත් පළවී තිබෙනවා.මේ මාසෙ බුලටින් එක දැක්කම දැනුනේ ආදරණීය යාළුවෙක් ගෙට ගොඩවැදුණා වගේ.සංවේදී තොරතුරු සහ හිතන්න දේ බොහොමයි.විභවි ලලිත කලා ඇකඩමිය වෙනුවෙන් සංස්කරණ මහන්සිය දරන්නේ ශ්‍යාමා ජයවර්ධන.
එය කියවලාම බලන්න මෙතැනින්

G-15 කාගේ කවුද?




ඡනාධිපති මහින්ද රාඡපක්ෂ මහතා සභාපති ධූරයට පත්වු G-15 සමුලුව මීට වසර විස්සකට පෙර පිහිටවූ ඡත්‍යන්තර සංවිධානයක්.

මෙහි සාමාඡකත්වය දරන රටවල් බොහොමයක් ලොව ධනවත් රටවල වන අතර මෙය පිහිටවනු ලැබුයේ යුගෝස්ලෝවියාවෙ බෙල්ගේ‍්‍රඩි හි පැවති නවවන නොබැදි ඡතීන්ගේ සමුලුවෙදී.

දියුනු රටවල් සමග සංවාදයක යෙදෙමින් සාමාඡක රටවලට වාසි ලබාගැනීම මෙම එකමුතුවෙ අරමුණයි.

G-15 සංවිධානය තුල සහයෝගීතාව වර්ධනයට විවිධ වි්‍යාපෘති කි‍්‍රයාවට නංවා තිබෙනවා.

බොහොයක් වි්‍යාපෘති කි‍්‍රයාවට නංවා ඇත්්තේ වෙළදාම හා කුඩා පරිමාණ නිෂ්පාදන මුලික කර ගනිමින්.

ලෝක ඛනිඡ තෙල් නිෂ්පාදනයෙන් 25% ක් පමණ මෙම G-15 සංවිධානයට අයත් රටවලින් සිදුවනවා තවද සීනි,තෙ කොල වැනිදේ නිෂ්පාදනය කරන රටවල්ද මෙ අතර වීම විශේෂත්වයක්.

ලෝක වෙළදපල තුල ප‍්‍රබල හඩක් නැගීමට නමි G-15 සංවිධානය තවත් දුර ගමනක් යායුතු බව විචාරකයින් පෙන්වාදෙනවා.

සමුගන්න කාලයයි ලෙන්චිනා මගෙ නංගියේ


ඉන්දියාවෙ ලංචි ඡනයා ඡවත්වන්නේ රෙදි ඇපිල්ලීමෙන් .

ඉන්දියානු මධ්‍යම පංතියේ නැගීමත් සමග රෙදි සෝදන යන්ත‍්‍ර ඉන්දියව තුල ඡනපි‍්‍රය වෙමින් පවතිනවා.

මුමිබායි නගරය ඉන්දියාව තුල රෙදි ඇපිල්ලීමෙ ප‍්‍රධාන මධ්‍යස්ථානය වනවා.

මෙම කමිකරුවන් දිනකට පැය දොලහකට වැඩි කාලයක් වැඩකලත් ඹවුන්ට මසකට ලැබෙනුයේ ඉන්දියානු රැපියල් දස දහසකට අඩු මුදලක්.

මෙ රෙදි අපුල්ලන්නන් රෙදි සෝදන යන්ත‍්‍ර ඉඩදී සමුගන්න කාලය පිලිබද ඹවුන් තුල ඇත්තේ කෙබදු අදහසක් ද?

පුරා අවුරුදු හැට දෙකක් රෙදි අපුල්ලපු රාමයමි පවසන්නේ අතින් රෙදි අපුල්ලන එක පරද්දන පුලුවන් යන්ත‍්‍රයක් නැති බවයි.

එත් අත රිදෙනකමි රෙදි සෝදන ගෘහනියන් මෙය පිලිගනීද?

ඹිලු මලේ සුදෝ



ලෝක ෙඡෙව විවිධත්ව දිනය මැයි 22 දා ලෙසත් 2010 වසර ලෝක ෙඡෙව විවිධත්ව වසර ලෙසත් නමි කිරීමට එක්සත් ඡතින්ගේ සංවිධානය කටයුතු යොදා තිබෙනවා.

ගහ කොල මල් හා කෘමි සතුන් සමග පරිසරයේ අපූරත්වය විදිමින් ෙඡෙව විවිධත්ව හදුුනාගන්නැයි බි‍්‍රතාන්‍ය පරිසර වෙදීන් කණ්ඩායමක් ඉල්ලා සිටිනවා.

ෙඡෙව විවිධත්ව පිළිබද තිබෙන උනන්දුව මෙකල වැඩිවී ඇති බව පෙනීයන අතර ඒ සමග අඵත් උද්යෝගයක් ඇතිවී තිබෙනවා.

ලොව කුඩාම ඹිලු මල වැනසීයාමට ඉඩනොදී රැකගැනීමට හැකිවූයේ බි‍්‍රතාන්‍ය කිවි උද්භිද උද්්‍යානයේ කාර්ලොස් මැග්ඩලාට පින්සිදු වන්නයි.

මීට වසර දෙකකට පමණ ඉහතදී පරිසර විනාශය නිසා සෙන්ටිමීටරයක් පමණ පලල වූ මෙම ඹිලු මල වදවීගියා.

නමුත් වාසන්වකට මෙන් මෙම ඹිලු මලේ බීඡ ගබඩාකර තිබූ නිසා යළිත් මෙම ඹිලු මල පුබුදවා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම ඹිලු මල එහි නිඡභූමිය වූ රුවන්ඩාවට ගෙනයාමටද කටයුතු දැන් සූදානමි කර ඇත.

ගිනිදැල්ල සදිසි ළඳුන් පනස්දෙනා

ඉන්දියාවේ එන්.ඩී.ටී.වී රූපවාහිනී නාලිකාවේ වෙබ් අඩවිය ලොව සුරූපී කතුන් පනස්දෙනාගේ සේයාරූ පළ කළා.මෙයින් වැඩිදෙනා නිළියන් එහෙමත් නැතිනම් මෝස්තර නිරූපිකාවන්.මේ අයගෙන් කී දෙනෙක් ඔබ මීට පෙර දැක තිබෙනවාද?
පහත පළවන්නේ ඒ අයගෙන් කිහිපදෙනෙකි.


මේ සියලු දෙනා දැකබලාගන්න එම වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න