Saturday, June 26, 2010

මෙරට ආර්ථික වර්ධනය සියයට 7 දක්වා ඉහළ යයි


රටක දියුණුව මැන බැලෙන කාරණා අතර එම රටෙි ආර්ථික වර්ධන වෙිගයට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයක්.

මේ වසරේ මුල් කාර්තුවේ ශී‍්‍ර ලංකාවේ දළ ආර්ථික වේගය සියයට හත ඉක්මවා තිබෙනවා.

ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ එය සියයට 7 යි දශම එකක් ලෙස වාර්තා වන බවයි.

ඉකුත් වසරේ මුල් කාර්තුවේ මෙරට ජාතික ආදායම රුපියල් බිලියන 601 ක් වූ අතර මේ වසරේ මුල් කාර්තුවේ එහි අගය ලෙස සදහන් වුයේ රුපියල් බිලියන 641 යි දශම 5 ක් ලෙසයි.

රට තුළ සාමය ඇතිවීම මීට ප‍්‍රධාන හේතුව ලෙස ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව සදහන් කර ඇතැයි රජයේ වෙබ් අඩවියක් වාර්තා කළා.

එසේම කෘෂිකාර්මිකල කර්මාන්ත හා සේවා අංශවලින් ලබා ඇති ප‍්‍රගතියද මීට ඍජු ලෙස බලපා තිබෙනවා.

වසරේ මුල් කාර්තුව තුළ කෘෂිකාර්මික අංශය සියයට 9 කින්ද කර්මාන්ත ක්ෂ්ත‍්‍රය සියයට 6 යි දශම 9 කින්ද වර්ධනය වී තිබෙනවා සේවා අංශයේ වර්ධනය ලෙස සැලකෙන්නේ සියයට 6 යි දශම 7 ක්.

0 comments:

Post a Comment