Tuesday, June 15, 2010

මන්මෝහන් සිං ගෙන් තමිල්නාඩුවට හදිසි ලිපියක්


ඉන්දීය අගමැති ආචාර්්‍ය මන්මෝහන් සං මහතා තමිල්නාඩුවට හදිසි ලිපියක් යවා ඇත

එම ලිපිය යැවීමට ප‍්‍රධානම හේතුව වූයේ ශ‍්‍රි ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයයි.

එහිදී සදහන් වූ කරුණු වූයේ,

දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් ලැබෙන පරිදි බලය විමධ්්‍යගත කරන ලෙස ඉන්දියාව ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටින බවත්.

ශී‍්‍ර ලංකාවේ ජීවත් වන සුළු ජාතීන්ට අභිමානවත් ලෙස ජීවත් වීමේ අයිතිය ලබාදීම ලක් රජයේ වගකීමක් බවත් ඉන්දියාව ශ‍්‍රි ලංකා ජනාධිපති වරයාට අවධාරනය කල බවයි.

තවද ශී‍්‍ර ලංකාවේ අවතැන් වූ ජනතාව පිළිබඳවද එම ලිපියේ කරුණු ඇතුළත් වන අතර අවතැන් වූ ජනතාවගෙන් හතලිස් හත් දහසක් තවමත් කඳවුරුවල ජීවත් වන බව ඉන්දීය අග‍්‍රමාත්‍යවරයා පෙන්වා දුන් බවත් අවතැන් වූ ජනතාව පදිංචි කරවීම සඳහා අඛණ්ඩව ඉන්දීය සහය ලබා දෙන බවත් එහි සදහන් වී ඇත.

1 comments:

hasithahands said...

යුද්දෙන් දිනුවෙ අපි... අපි පරදිනවට තමිල්නාඩුවත් උදව් කලා.
දැන් සමාන අයිතිවාසිකම් ඉල්ලන්න කාටවත් අයිතියක් නෑ..අපි යුද්දෙන් දිනන්න විශාල කැප කිරීම් සිද්ද කලා.ඒවා නැවත ගන්න බෑ...

Post a Comment