Thursday, June 24, 2010

චෙන්නායි ගුවන් තොටේදී ඉරාජ් අපහසු තාවයේ ගීතය ගායනා කරයි


සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්න චෙන්නායි ගුවන් තොටුපොලේදී එහි නිලධාරීන්ගේ පීඩාවන්ට ලක්ව තිබෙනවා.

ඉරාජ් පවසන්නේ තමන් සිංහලදැයි විමසූ ආගමන විගමන නිලධාරීන් පසුව උස් හඩින් කතා කරමින් තමා අපහසුතාවයට පත්වන ආකාරයෙන් කි‍්‍රයා කළ බවයි.

ඒ පිළිබඳ විමසීමේදී තමා කිසියම් ස්ථානයක රැඳවීමට ඔවුන් පියවර ගත් බවද ඉරාජ් මාධ්‍ය වෙත සඳහන් කළා.

කෙසේ වෙතත් චෙන්නායිහි ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් තමා ගුවන් තොටුපොළෙන් නික්ම ගිය බවද ඔහු පැවසුවා.

ඉරාජ් චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත්තේ සිය නිර්මාණවලට අදාළ කටයුතු සඳහායි. එසේම දෙමළ චිත‍්‍රපටයක් සඳහා හොඳම ගීතය වෙනුවෙන් සංගීත නිර්මාණයට වසරේ සම්මානය ලබා ගැනීමද ඔහුගේ අරමුණක් වී තිබුණා.

කෙසේ වෙතත් මෙි කරුණු හරහා අපට වැටහීයන කාරනයක් ඇත එනමි ශ‍්‍රි ලංකාව කෙරෙ ඇති දකුණු ඉන්දීය වෛරය නමි නිමා නොවන එකක් බවයි.

0 comments:

Post a Comment