Tuesday, June 22, 2010

ජී.එස්.පී. ප්ලස් කොන්දේසි විරහිතව බැහැ


ජී.එස්.පී. ප්ලස් යනු යුරෝපා සංගමයෙන් ශී‍්‍ර ලංකාවේ අපනයනවලට ලැබෙන බදු සහනයක්.

මේ වන විට එය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා එහෙත් මාස හයක කාලයක් සඳහා එම බදු සහනය යළි ලබාදීමේ යෝජනාවක් යුරෝපා සංගමය දැන් සලකා බලමින් සිටින්නේ.

එහෙත් නිකුත් කෙරුණු අලූත්ම නිවේදනයක දැක්වෙන්නේ බදු සහනය නිකන්ම ලබාදිය නොහැකි බවයි.

ඒ සඳහා ලක්රජයෙන් සහතිකයක් අවශ්‍ය බව යුරෝපා සංගමය පවසනවා.

මේ සහතිකය ලබාදිය යුත්තේ මානව හිමිකම් සුරැකීමට කැපවන බවටයි.

ලබන මස පළමු වැනිදාට පෙර සහතිකය ලිඛිතව ලබාදිය යුතු බවද යුරෝපා සංගමය ප‍්‍රකාශ කළා.

0 comments:

Post a Comment