Monday, June 28, 2010

කරුණානිධි තවමත් කම්පාවෙන්


ශ‍්‍රි ලංකාව පිලිබද දකුණු ඉන්දියාව නිරතුරුවම නොයෙක් අදහස් පල කරනවා.

මෙි තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍යවරයා ලෝක දෙමළ සම්මේලනයේ අවසන් සැසියට සහභාගි වෙමින් පලකල අදහස්.

ශී‍්‍ර ලංකාවේ දෙමල වැසියන් විස්තර කළ නොහැකි තරම් ඛේදනීය ඉරණමකට මුහුණ දී සිටින බව තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය එම් කරුණානිධි මහතා පවසනවා.

එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුනේ ශී‍්‍ර ලංකාවේ දෙමළ වැසියන්ට ලබාදුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු වී නොමැති බවයි.

ගැටුම් නිසා අවතැන් වූ විශාල පිරිසක් තවමත් ගම්බිම් වෙත යා ගත නොහැකිව කඳවුරුවලට කොටු වී සිටින බව ප‍්‍රකාශ කෙරුනා.

ගම්බිම්වල පදිංචි කෙරුනු පිරිස්වලට ද ප‍්‍රමාණවත් ආරක්ෂාවක් හෝ ජීවිතය ගෙන යාමට සුදුසු වටපිටාවක් සකස් කර නොමැති බවයි ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ.

දේශපාලන විසඳුමක් සඳහා ද පිළිගත හැකි පදනමක් යොදා නැතැයි ප‍්‍රධාන අමාත්‍යවරයා චෝදනා කළා.

ඔහු පැවසුවේ එවැනි විසඳුමක් සඳහා ලක් රජයට බලපෑම් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගත යුතු බවයි.

ශී‍්‍ර ලංකාවේ දෙමළ වැසියන් පිළිබඳ දැනට වඩා ඉහළ අවධානයක් යොමු කිරීම මධ්‍යම රජයේ වගකීමක් බව ද ප‍්‍රකාශ කෙරුනා .

0 comments:

Post a Comment