Wednesday, June 23, 2010

සියදිවි හානි කර ගැනීමි වලින් දසවන තැන ලංකාවට


යමි ශ්‍රේණීගත කිරීමක ඉහලින් සිටින විට එය ඉතා වැදගත් වෙි.

නමුත් එම ශ්‍රේණිගත කිරීම යමි සුබදායක් නොවූ දෙයක් පිලිබද නමි එය එතරමි හොද තත්වයක් නොවෙි.

ලෝක සෞක්‍ය සංවිධානය සිදුකල සමීක්ෂණ වලින් ලෝකයේ සියදිවි නසාගැනීමි වලින් දසවන තැන ශ‍්‍රි ලංකාවට හිමිව තිබෙනවා.

ලෝක සෞක්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ෆිල්චෝසි මෙහෙතා මහතා පවසන්නේ වසරකට ලෝකයේ මිලියනයකට ආසන්න පිරිසක් සිය දිවි නසා ගන්නා බවයි .

මානසික හේතු ඊට ප‍්‍රමුකව බලපා ඇති බව ඊයේ කොළඹ පැවති මානසික සෞක්‍ය වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නා.

ඔහු අවධාරණය කරන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙස ශ‍්‍රි ලංකාව මානසික රෝගීන් පිලිබද අවධානය යොමුකළ යුතු බවයි.

එය සිය දිවි නසා ගැනීම් අවම කර ගැනීමට හේතු වන බව ලෝක සෞඛ්ය සංවිධාන මෙරට නියෝජිතයා පෙන්වා දෙනවා.

0 comments:

Post a Comment