Sunday, June 27, 2010

ඉන්දීය නවික හමුදාපති ශ‍්‍රී ලංකාවෙි සංචාරයක


නිල සංචාරයක් සදහා ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් නිර්මාල් බර්මා මහතා ශී‍්‍ර ලංකාවට අද පැමිණීමට නියමිතයි.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා ප‍්‍රකාශ කළේ රජයේ ආරාධනාවක් මත ඔහු මෙරටට පැමිණෙන බවයි.

ද්විපාර්ශවීය සබදතා වර්ධනය කිරීම සහ නාවික හමුදා අතර මිත‍්‍ර සබදතා වැඩි කිරීම මෙම සංචාරයේ අරමුණයි.

ඔහු ලබන ජුලි මස 2 වන දින දක්වා ශී‍්‍ර ලංකාවේ රැදී සිටීමට නියමිතයි.

නාවික හමුදාපතිවරයාගේ සංචාරයට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවක්ද කොළඹ වරායට අද ළගා වනවා.

ශී‍්‍ර ලංකාවේ රැදී සිටින කාලය තුළ ඉන්දීය නාවික හමුදාපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ රාජ්‍ය නිලධාරීන් රැසක් හමුවීමටද නියමිතයි.

ති‍්‍රකුණාමල නාවික හමුදා කදවුරේ පැවැත්වෙන උත්සවයකටද ඔහු සහභාගි වනවා.

0 comments:

Post a Comment