Thursday, June 24, 2010

ජගත් උපදේශක මණ්ඩලයට එරෙහිව රජය සුදුසු පියවරකට සැරසෙයි


ජගත් මහලේකම්වරයා ශී‍්‍ර ලංකාව පිළිබඳ පත් කළ ති‍්‍රපුද්ගල කමිටුවට රජය විරෝධය පළ කරනවා රජයේ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය සාමාජික රටවල අභිමතාර්ථ නොසලකා හැරීමක් බවයි.

තමාට ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා බැන් කී මූන් මහතා මෙම ති‍්‍රපුද්ගල උපදේශක මණ්ඩලය පත් කර තිබෙනවා අවසන් සටන සමයේ සිදු වූ ඇතැම් කි‍්‍රයාකාරකම් පිළිබඳ වගකිවයුත්තන් සොයා බැලීම එහි අරමුණයි.

එහෙත් ශී‍්‍ර ලංකාව සතුව ශක්තිමත් වි්‍යවස්ථාවක් හා අධිකරණ කි‍්‍රයාදාමයක් පවතින බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා එය ප‍්‍රබල ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමයක් එමගින් ශී‍්‍ර ලංකාවේ ජනතාවගේ සියලූ අයිතීන් සහතික කර ඇතැයිද නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා.

ජාතික සහජීවනය වෙනුවෙන් කොමිසමක් ජනාධිපතිවරයා විසින් පසුගියදා පත් කරනු ලැබුවා එසේ තිබියදී මෙලෙස උපදේශක මණ්ඩලයක් පත් කිරීම ශී‍්‍ර ලංකාවේ එම වැඩපිළිවෙළට හානි කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එබැවින් මීට එරෙහිව සුදුසු කි‍්‍රයාමාර්ග ගන්නා බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

0 comments:

Post a Comment