Monday, June 21, 2010

ශ‍්‍රි ලංකාවට වැට බදින දකුණු ඉන්දියාව


ශි‍්‍ර ලංකවේ රූගත කරන කිසිදු චිත‍්‍රපටයක් තමිල්නාඩුවේදී ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන බව දකුණු ඉන්දීය සිනමා වානිජ මණ්ඩලය පවසනවා.

ඔවුන් ප‍්‍රකාශ කළේ ලක් රජය සාමාන්‍යයෙන් දෙමළ වැසියන්ට කෘර ලෙස සලකන බවට චෝදනා නැෙගන බවයි.

ඊට විරෝධය පෑමක් ලෙස ශී‍්‍ර ලංකාවේ රූගත කෙරෙන චිත‍්‍රපට ප‍්‍රදර්ශනය වර්ජනය කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් බොලිවුඞ් සුපිරි නඵ සල්මන් ඛාන් රගන මීළග චිත‍්‍රපටය රූගත කෙරෙන්නේ ශී‍්‍ර ලංකාවේ.

රෙඩි නමැති එම චිත‍්‍රපටය බුෂාන් කුමාර් විසින් නිෂ්පාදනය කරනවා අධ්යක්ෂණය කරනු ලබන්නේ අනීස් බාස්මි විසින්.

මීට පෙර සැලසුම් කර තිබුණේ රූගත කිරීම් මොරිසස්හි සිදු කිරීමටයි.

එහෙත් අයිෆා සිනමා සම්මාන උළෙලට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ එම සැලසුම් වෙනස් කළ බව සල්මන් ඛාන් සහ චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා ප‍්‍රකාශ කළා.

ඒ අනුව රූගත කිරීම්වලට සහභාගි වන තාක්ෂණ ශිල්පීන් කණ්ඩායමක් මේ වනවිටත් ශී‍්‍ර ලංකාවට පැමිණ සිටිනවා.

1 comments:

මද්දු said...

ඔය චිත්‍රපටියෙ ප්‍රධාන නිලියත් දකුනු ඉන්දියාවෙ...අසීන්..දැන් බලමුකො එයාගේ චිත්‍රපටියත් පෙන්නන එක නවත්වයිද කියල

Post a Comment