Wednesday, June 30, 2010

ජනපති යුක්රේන් යයි


යුක්රේනය නැගනහිර යුරෝපයේ පිහිටි තෙල් සහ ස්වභාවික ගෑස් අපනයනය කරන ප‍්‍රධාන රටක්.

මධ්‍යම ආදායම් ලබන රටක් වන යුක්රේනය ලෝක සංචාරක නැරඹුම් ස්ථාන අතර අටවන තැනට පත්ව තිබෙනවා.

මෙම රට නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුක්රේනයට යන පලමු අවස්තාවද මෙය වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා යුක්රේනය බලා පිටත්ව ගිය බවයි.

යුක්රේනයේ සංචාරයක නිරත වන පලමු රාජ්‍ය නායකයා වන්නේ ද ජනාධිපතිවරයා වීම විශේෂත්වයක්.

යුක්රේනයේ ජනාධිපතිවරයා සහ ඉහළ පෙළේ නියෝජිතයන් සම`ග සාකච්ඡා කිරීමටයි ඔහු බලාපොරොත්තු වන බවද සදහන්.

සංචාරක නාවික ගමනා ගමන සහ ආරක්ෂක යන විෂයන් මූලික කර ගනිමින් ගිවිසුම් කිහිපයක් ද මෙම සංචාරයේදී අත්සන් කෙරෙනවා.

0 comments:

Post a Comment