Wednesday, June 16, 2010

නැවත ලංකාවට ජගත් සංවිධාන විශේෂ නියෝජිතයෙක්


ජගත් සංවිධාන විශේෂ නියෝජිතයින් ලංකාවට අමුත්තන් නොවෙ. මන්ද කොටි ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය පැවති සමයේ අඩුවකින් තොරව ජගත් සංවිධාන විශේෂ නියෝජිතයින් ලංකාවට පැමිණියා.

නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ලීන් පැස්කෝ මහතා අද මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදේශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙමළ ජනතාව යළි පදිංචි කිරීම මෙන්ම වාර්ගික ගැටලූවට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා වන යෝජනා සම්බන්ධයෙන් රජය හා අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි.

දින දෙකක් මෙහි ගත කරන පැස්කෝ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මෙන්ම විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා.

මේ අතර ජපානයේ විශේෂ සාම නියෝජිත යසුෂි අකාෂි මහතා ද අද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා මුණ ගැසීමට නියමිතව තිබෙනවා.

අකාෂි මහතා මෙහි පැමිණීමට නියමිතව ඇත්තේ අද අලූයමයි. පෙරවරු 11ට යසුෂි අකාෂි මහතා මහාචාර්ය ජී එල් පීරිස් අමාත්‍යවරයා හමුවන්නට නියමිතව තිබූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කලා.


තවද අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ ෙජ්ෂ්ඨ උපදේශකයන් දෙදෙනෙකු ද මේ වනවිට මෙහි පැමිණ සිටිනවා.

ඉන් එක් අයෙක් වන්නේ බහු පාර්ශව කටයුතු හා මානව හිමිකම් පිළිබඳ විශේෂ ජනාධිපති සහකාර සැමන්තා පවර් මහත්මියයි. සැමන්තා පවර් මහත්මිය ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මුණ ගැසුනා.

යුද අපරාධ හා සැහැසිකම් පිළිබඳ ජාතික ආරක්ෂක මණ්ඩල අධ්‍යක්ෂ ඬේවිඞ් ෆෙෂ්මන් මහතා අනෙක් අමෙරිකානු නියෝජිතයායි.

0 comments:

Post a Comment