Wednesday, June 23, 2010

ශී‍්‍ර ලංකාව පිළිබද උපදෙස් ලබාගැනීමට ජගත් මහලේකම්වරයාගෙන් උපදේශක මණ්ඩලයක්


ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සදහා වන විද්වත් මඩුල්ලක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කි මූන් මහතා අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තා සදහන් කරන්නේ මෙම විද්වත් මඩුල්ල ඊයේ රාතී‍්‍රයේ නම් කළ බවයි.

ඉන්දුනීසියාවේ හිටපු නීතිපති මර්ෂික් ධරුෂ්මාන්ල අමෙරිකාවේ නීතිඥයෙක් වන ස්ටීවන් ටේනර් හා දකුණු අපි‍්‍රකාවේ හිටපු ප‍්‍රතිසංධාන කොමිසන් සභා සාමාජිකාවක වන යෂ්මින් ෂුකූ මෙම විද්වත් මඩුල්ලයි .

ඒ පිළිබදව බැන්කි මූන් මහතා අද නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරංචි මාර්ග සදහන් කරනවා.

ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් සමය තුළදී මානව හිමිකම් උල්ලංඝණය වූයේද යන්න හා ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්වය පිළිබදව උපෙදෙස් ලබාදීම මෙම විද්වත් කමිටුවේ කාර්යයන් වන බවද සදහන් වනවා.

කෙසේවුවද මෙම උපදේශක මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය විරෝධය පළ කළා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසුවේ ශී‍්‍ර ලංකාවේ කටයුතුවලට කිසිදු රටකින් හෝ ආයතනයකින් අනවශ්‍ය බලපෑම් එල්ල නොවිය යුතු බවයි.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා මෙම උපදේශක මණ්ඩලය පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

0 comments:

Post a Comment