Sunday, June 20, 2010

ලංකාවට ආදරය කරන ඇමෙරිකාව


ශ‍්‍රි ලංකාවෙි බොහෝ කටයුතු වලට ඇමෙරිකාව මැදිහත් වීමට උත්සහ දරයි.

සමහර උත්සහයන් ලාංකිකයින්ගේ අප‍්‍රසාදයට ලක් වී ඇත.

නමුත් මෙවර මැදිහත් වීම අගය කල යුතු එකකි.

අවතැන් වූවන්ගේ සුබසාධනය සඳහා අමෙරිකාව තවත් ඩොලර් මිලියන 02කට අධික මුදලක් ලබාදී තිබෙනවා.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් තුන්දහසක නිවාස ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් මෙම ආධාර වෙන්කරන බවයි.

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වන සරණාගත කොමිසමේ කාර්යාලය හරහා ආධාර බෙදාදීම සිදුවනු ඇති.

මීට පෙරද අමෙරිකාව අවතැන් වූවන් වෙනුවෙන් ඩොලර් මිලියන 33ක් ලබාදී තිබුනා.

උතුරේ ජන ජීවිතය නා සිටුවීම සඳහා යුරෝපා කොමිසමද යූරෝ මිලියන 60ක මුදලක් ලබාදී තිබෙනවා.

1 comments:

බොස් said...

හික්ස්...කපන්න බැරි අත ඉඹීම!

Post a Comment