Wednesday, June 9, 2010

ස්වාමියාගේ දෙවන විවාහයේ දී පළමු බිරිද ගුටිකයි


විවාහ උත්සවයකදී එම අවස්තාවට හදිස්සියේ පැමිණෙන එම මනමාලයාගේ පළමු බරිද එහිදි යමි ගැටලුකාරී තත්වයක් ඇති කර ගැනීම වැනි සිද්ධි අපට මුණ ගැසෙනුයේ හිංදි චිත‍්‍රපටවලදීය.

නමුත් එවැනි සත්‍ය සිද්ධියක් මීට දින කීපයකට පෙර ඉන්දියාවෙන්ම වාර්තාවිය.

වෛද්‍ය දිලිප් සින් මුමිබායේ වෛද්‍ය වරයෙක්. ඹහුගේ දෙවන විවාහ උත්සවය පැවති දිනයේ ඹහුගේ පලමු බිරිද හදිස්සියේම එම ස්ථානයට පැමිණියා.

ඉන් අනතුරුව එම පළමු බිරිද කියා සිටියේ ඹවුන් තවම නීතියෙන් වෙන්වී නොමැති බවයි.

මෙහිදි අනතුරුව වෛද්‍යවරයා තම පළමු බිරිදට දෝෂාරෝපන කර සිටියා.

ඉන්පසු පළමු බිරිද කියා සිටියේ තමන් තම ස්විමියාට දැඩිව ආදරය කල බවත් තමන් ඹහු වෙනුවෙන් කල යුතු සෑම දෙයක්ම සිදුකල බවත් හා ඹවුන් දික්කාසාද වී නොමැත් බවත්ය.

කෙසේ වෙතත් මෙ සිද්ධිය නිසා කෝප වූ දෙවන බිරිදගේ ඥාතීන් පළමු බිරිද ඇතුලු ඇයත් සමග සිටි අනෙක් පුද්ගලයින්ට පහරදී ඇත.

මෙම සිද්ධිය සමිබන්දයෙන් එම වෛද්‍යවරයාට එරෙහිව නීතිමය කටයුතු සිද්ධකරන බව Oshiwara පොලිස්ථානය සදහන් කරයි .

0 comments:

Post a Comment