Sunday, June 20, 2010

අකාශි පුදුම කල කිලිනොචිචි සංවර්ධනය


ශ‍්‍රි ලංකා රජයේ උතුරු සංවර්ධනය පිලිබද විදේශිකයන් නොයෙක් විට නොයෙක් අදහස් ප‍්‍රකාශ කරනවා.

මෙවර ශ‍්‍රි ලංකාවෙි විසිවෙනි වතාවටත් සංචාරය කල යෂුශි අකාශි මහතා කිලිනොචිච’ සංවර්ධනය පිලිබද ඉතා ප‍්‍රශංසනීය මුකයෙන් කතා කර ඇත.

තවද උතුරේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන ලෙස ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි ජාත්‍යන්තර දෙමළ ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටියා.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ සංවර්ධනයට ජාත්‍යන්තර ප‍්‍රජාවගේ දායකත්වය ලබාදිය යුතු බවයි.

කිලිනොච්චිය සංවර්ධනය වන අයුරු අති විශිෂ්ට බව ඔහු අවධාරණය කර සිටියා.

සාමකාමී වටපිටාවක් තුළ ජනතාවගේ බිය තුරන් වී ඇති බව ප‍්‍රකාශ කළ යසුෂි අකාෂි මහතා උතුරේ ජන ජීවිතය නංවාලීම සඳහා යුද හමුදාවද කැප වනබවද සදහන් කලා.

පසුගිය 15 වනදා දිවයිනට පැමිණි යසුෂි අකාෂි මහතා රජයේ සහ විපක්ෂයේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වු අතර වන්නියේ අවතැන් වූවන් රඳවා ඇති කඳවුරුද ඔහු නිරීක්ෂණය කළා.

0 comments:

Post a Comment