Monday, June 14, 2010

ශ‍්‍රි ලංකා ජනපතිගේ ඉන්දීය සංචාරය පිලිබද තමිල්නාඩුවට කරුණු දැක්වීමක්


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම මෙ අරමුණින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය පී.චිදම්බරම් සහ තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි යන මහත්වරුන් අතර සාකච්ඡඡුාවක් ඊයේ පැවැත්වුණා.

දෙමළ වැසියන්ගේ ගැටළුවලට තිරසාර විසඳුමක් ලබාදීමට ලක් රජය උනන්දු වෙමින් සිටින්නේ යැයි ජනාධිපතිවරයාගේ සංචාරයේදී හැගී ගිය බව අමාත්‍ය පී.චිදම්බරම් මහතා මෙහිදී ප‍්‍රකාශ කළා.

ගැටුම් නිසා විපතට පත් දෙමළ වැසියන් සඳහා තවදුරටත් සහය දීමට ඉන්දියාව එකගවූ බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

උතුරේ වැසියන් පනස් දහසක් සඳහා නිවාස ඉදිකර දීමට අමෙරිකානු ඩොලර් මිලියන 200ක් වෙන් කිරීම එහි එක් පියවරක් බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

0 comments:

Post a Comment