Wednesday, June 16, 2010

ඔබ ජලය පානය කලයුත්තේ ඇයි?


අපගේ සිරුරෙ බරින් 65 ක් පමණ ඇත්තේ ජලයයි. තවද ශරීරයේ අන්තර් ගත රුධිරයෙන් වැඩි ප‍්‍රමාණයක් ද ජලයයි. එපමණක් නොව ඔබගේ පේශින් මොලය සහ පෙනහලු තුලද ජලය අන්තර්ගතය.

ශරීරයේ උෂ්නත්වය පවත්නාගෙන යාමට ශරීරයේ සියුමි ඉන්ද‍්‍රයන්ට අවශ්‍ය පෝෂක ද‍්‍රව්‍ය ප‍්‍රවාහනයට ජලය අවශ්‍යවෙි. එසේම අප සිරුර ගොඩනැගී ඇති ෙසෙල පටකවල පැවැත්මට අත්‍යවශ්‍ය ඔක්සිජන් ප‍්‍රවාහනයටද ජලය අත්‍යවශ්‍ය වෙි.

ශරීරයට අවශ්‍ය පරිදි ජලය නොලැබුනු විට විජලනයට පත් වීම සිදුවෙි.

දිනකට ඔබ බොන වතුර ප‍්‍රමාණය පිලිබද මදක් සිතන්න.................
මක්නිසාද යත් එය ඉතා වැදගත් වන නිසාය මන්ද ඔබ දිනකට පානය කරන ජල ප‍්‍රමාණය ඔබෙි සිරුරට ප‍්‍රමාණවත් නොවුනහොත් එය ඔබෙි සෞක්‍යට දැඩි බලපෑමක් එල්ල කරන කාරනයක් වියහැක.

දිනකට ඔබ පානය කල ජල ප‍්‍රමාණය කොපමණක්ද කියා ඔබ සිතනවා ඇති බොහෝ වෙබි අඩවිවල සදහන් වන පරිදි වැඩුනු පුද්ගලයකු දිනකට ජලය ලීටර් 2 ක් පමණ පානය කල යුතු බවයි.

නමුත් ඔබ දැඩිව මහන්සිවන පුද්ගලයකු නමි ඔබට ඊටවඩා ජල ප‍්‍රමාණක් අවශ්‍යවෙි .

වඩාත් කාර්්‍ය බහුල වනවිට ජලය පානය කිරීම අතපසු වන බව අප දන්නා කරුණක් ඒ නිසා නිතර ඇස ගැටෙන ස්ථානයක වතුර බෝතලයක් තබා ගැනීම සුදුසු වෙ.

රැුකියා කරන ස්ථානයක උවද තබාගත හැකි ඉතා අලංකාර වතුර බෝතල් දැන් වෙලදපොලේ ඇත.

0 comments:

Post a Comment