Friday, June 18, 2010

ජගත් සංවිධානයෙන් ශී‍්‍ර ලංකාවට පැසසුම්


දශක තුනකට ආසන්න කාලයක් පැවති ත‍්‍රස්තවාදී අරගලය අවසන් කිරීමෙන් පසු එම ත‍්‍රස්තවාදය හමුවෙි අවතැන් වූ ජනතාවට සහන සැලසීමට රජය ගෙන ඇති පියවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව තිබෙනවා

මෙරට සංචාරයකට එක්ව සිටින එම සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්ය මහලේකම් ලියොන් පැස්කෝ මහතා මේ බව ප‍්‍රකාශ කළා ඒ කොළඹ ඊයේ රාතී‍්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එහිදී ලියොන් පැස්කෝ මහතා දැක්වූයේ මෙවන් අදහසක්,

මුලතිව් ප‍්‍රදේශයේ මම සංචාරය කළා ගැටුම් නිසා විපතට පත්වූවන් වෙනුවෙන් එහි කි‍්‍රයාත්මක සහන වැඩසටහන් මගේ නිරීක්ෂණයට ලක්වුණා එම වැඩසටහන් ප‍්‍රශංසනීයයි ඒවා පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑහීමකට පත් වෙනවා.

කෙසේ වෙතත් කරුණු කිහිපයක් පිළිබඳ රජය තවදුරටත් අවධානය යොමු කළ යුතුයි පළමුවෙන්ම දේශපාලන විසඳුමක් දශක ගණනක් පැවැති බෙදීම් එක රැයකින් නිමා කළ නොහැකි බව ඇත්ත එහෙත් බෙදිම් නමැති එම තුවාල සුව කර ගැනීමට දැන් කාලය එළැඹ තිබෙනවාග යුද්ධයෙන් ඇති වූ අමිහිරි අත්දැකීම් මකා දැමිය හැක්කේ දේශපාලන විසඳුමකින් රජය දැනටමත් පියවර ගෙන තිබෙනවා සාමකාමි පියවරකට පිය නගන්න.

යුද්ධයෙන් පීඩාවට පත් ප‍්‍රදේශවල හමුදාවන් රඳවා තැබීම හැකි පමණ සීමා කළ යුතුයි විවිධ ආයතනවල ස්වාධීන්තවය සුරැකීම මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් සුරැකීමත් ඉතාවැදගත් කරුනක්.

මේ අතර ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා පිහිටුවීමට යෝජිත එක්සත් ජාතීන්ගේ විද්වත් මණ්ඩලය පිළිබඳ නිල නිවේදනය ලබන සතියේ නිකුත් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

0 comments:

Post a Comment