Thursday, June 17, 2010

බ‍්‍රිතාන්‍ය පාර්ලිමෙින්තුවෙි ලංකාව පිලිබද විවාදයක්


යුද අපරාධ සිදු කොට ඇති බවට ශී‍්‍ර ලංකාවට එල්ලවන චෝදනා සොයා බැලීමේ විවාදයක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඊයේ ආරම්භ වුණා.

එම විවාදයට එක්වෙමින් කොන්සර්වේටිව් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පෙන්වා දුන්නේ ශී‍්‍ර ලංකාවට බලපෑම් කිරීමට හැකි හොඳම රටවල් දෙක වන්නේ චීනය සහ ඉන්දියාව බවයි.

කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය රජයේ රාජ්්‍ය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇලිස්ටි‍්‍රයා බර්ඞ් ප‍්‍රකාශ කළේ පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ඇත්තේ ලක්රජයට බවයි. තවද පරීක්ෂණ පවත්වන ලෙසට බලපෑම් කිරීමට ජාත්‍යන්තර ප‍්‍රජාවට නොහැකි බව ඔහු පෙන්වා දුන්නා.

මේ අතර කොළඹ ඊයේ පස්වරුවේ පැවැති මාධ්ය හමුවකදී ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි ආකාෂි මහතාද පැවසුවේ ශී‍්‍ර ලංකාවට අනිසි බලපෑම් කිරීමට ජගත් ප‍්‍රජාවට නොහැකි බවයි.

1 comments:

ඉලංදාරියා said...

මුන්නටවෙන වැඩක් ඇත්තෙම නැද්ද..... ලන්කාවගන හොය හොය ඉන්නෙ...අයි යකො...ඒ රටේ කොච්චර වැඩ ඇද්ද කරන්න...සුද්දන්ගේ චන්දෙන් පත් වෙලා මුන් ලන්කාව ගැන හොයන්නේ .....මොනමගුලකටද?.....

Post a Comment