Monday, June 21, 2010

බුද්ධ බා


බුද්ධ බා යනු අපට අලුත් වචනයක් නොවෙි.

බුද්ධ ප‍්‍රතිමා යොදා ගනිමින් ඒ අසල මත්පැන් පානය කිරීම වැනි දේ විලාසිතාවක් ලෙස සිදුකරන සමාජ ශාලා බුද්ධ බා ලෙස හදුන්වයි.

මෙි පිළිබඳ අග‍්‍රමාත්‍ය දි මු ජයරත්න මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ද වන අග‍්‍රමාත්‍ය දි මු ජයරත්න මහතා තීරණය කර ඇත්තේ එම අවන්හල් සහ සමාජ ශාලාවලට එරෙහිව දැඩි පියවර ගැනීමටයි.

අමෙරිකා එක්සත් ජනපදයල බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය වැනි රටවලි‘බුද්ධ බා’’ නමින් අවන්හල් සහ සමාජ ශාලා පවත්වාගෙන යනවා.

අන්තර්ජාලය ඔස්සේ ද ඒවාට ප‍්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා.

අග්රාමාත්ය දි මු ජයරත්න මහතා පවසන්නේ පළමුව එම අවන්හල් සහ සමාජ ශාලා පිළිබඳ වාර්තාවක් ලබාගන්නා බවයි.

කවර හේතුවක් මත ඒවායේ බුද්ධ ප‍්‍රතිමා තැන්පත් කර ඇත්දැයි එහිදී සලකා බැලෙනු ඇති. දෙවනුව අවන්හල් සහ සමාජ ශාලාවලින් බුද්ධ ප‍්‍රතිමා ඉවත් කිරීමට විදේශ කටයුතු අමාත්යංශයේ ද සහාය ලබාගැනීමටයි අපේක්ෂා කරන්නේ.

එම අවන්හල් සහ සමාජ ශාලාවලට එරෙහිව ලෝක මතයක් ඇති කිරීමටද පියවර ගනු ඇති.

0 comments:

Post a Comment