Friday, June 11, 2010

ඉන්දු ශ‍්‍රි ලංකා ගිනුමෙ ලාභ පාඩු බැලීම


ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර සබදතා දිනෙන් දින තර වන්නේ ගිනිදැල්ලක් ඉහල නගින්නා වෙිගයෙන්.

ඊට කවුරු අකමැති වුවත් කැමති වුවත් තවත් බොහෝ දේ සිදුවනු ඇත.

මෙි සබදතා සරල රේඛාවක් සේඑ ක දිගට ගලායාම අපේක්ෂා කල නොහැක බොහෝ පැටලිලි සහගත අවස්ථාත් උදාවනු ඇත වාසි අවාසි එයට කලවමි වනු ඇත.

තරාදියේ වැඩි පැත්ත ඇත්තේ ඉන්දියාව පැත්තේ වන අතර එනමි ඉන්දියාව ආර්තික අතින් බලවත් නිසාය මෙ නිසා මෙම ඉන්දියානු ශක්තිමත් ආර්තිකයෙන් ලැබෙන පිටු වහලින් ශ‍්‍රි ලංකාවෙි කර්මාන්ත හා සේවා අංශ ශක්තිමත් කරගත යුතුයි.

ඉන්දියානු ආයෝජකයින් ශ‍්‍රි ලංකාවෙී ආයෝජනය තුලින් එම මුදල් හරහා මෙරට නව රැකියා අවස්ථා ඇති වන අතර නව තාක්ෂණය ලබා ගැනීම හරහා ගුණාත්මක වර්ධනයක්ද ඇති වෙි.

තවද ඉන්දියානු සබදතා හේතුවෙන් ශ‍්‍රි ලංකාවට අන්තර් ජාතික වෙළද මධ්‍යස්තානයක් ලෙස ගොඩනැගීමට අවස්ථාව ලැබෙනු ඇත .

ඉන්දියාවට ඍජුව පකිස්ථානය, චීනය,බංගලාදේශය සමග ගනු දෙනු කිරීමට නොහැකිවිට ඉන්දියාවට ශ‍්‍රි ලංකාව හරහා ගනුදෙනු කිරීමට හැකියාව ඇති අතර මෙ හේතුවෙන් ශ‍්‍රි ලංකාවට අඵත් උපයෝගිතාවන් ඇති වීමට ඉඩඇත,

තරාදියේ අවාසි පැත්තේ වැඩිබරක් වැටී ඇත්තේ ඉන්දියාව බලවත් හා දියුණු රටක් වන නිසා ඒ තුලින් ශ‍්‍රී ලංකාව සමාජ ආර්ථික හා දේශපාලන අතින් පෑගී යටපත් වීමට ඉඩ ඇති බවයි,

ආර්ථික අතින් ශ‍්‍රී ලංකාවෙි වි්‍යපාර රුසක් ඉන්දියානුවන් අතට පත් වීම තුල ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ගෙවුමි ශේෂ පරතරය තවත් ඉහල යනු ඇත.

දේශපාලන වශයෙන් ශ‍්‍රි ලංකාවෙ ඇති ප‍්‍රශ්නය ඉන්දියාවට අවශ්‍ය අකාරයට හැසිර වීමට වැඩි අවස්තාවක් ලැබෙනු ඇත.

ආර්ථික හා දේශපාලන වශයෙන් සිදුකරන බලපෑම මත ශ‍්‍රි ලංකාව ඉන්දියාවෙි 29 වන ප‍්‍රාන්තය වීමට ඉඩ ඇතැයි සමහර විචාරක මතයයි .

මෙ අකාරයට ලාබ පාඩු බලන අය නොබලන තවත් පැත්තක් තිබෙනවා එනමි ඉන්දියාවෙි යාබදම රට ලෙස ගතහැකි පල ප‍්‍රයෝජන ශ‍්‍රි ලංකාව ලබාගන්නේද යන්නයි.

ඉන්දියාව යනු සංස්කෘතික මිණි කැටයකි. විද්‍යා හා කලා ශිල්ප සහිත කෙතකි. ශක්තිය හා ධර්්‍ය පිලිබද ප‍්‍රතිමූර්තියකි. ඒ සියල්ලෙන්ම ශ‍්‍රි ලංකාවෙී ගුණාත්මක වර්ධනයකට ගතහැකි බොහෝ දේ ඇත.

ඒ සදහා ඉන්දියාවෙ ගමි දනවි වල වෙසෙන ජනයා හා ශ‍්‍රි ලංකාවෙී පිටිසර බද ජනයා අතර මනුස්සකම මූලික කරගත් සබදතා පද්ධතියක් ගොඩනැගීමෙි අවශ්‍යතාව බැහැර කල නොහැක.

කෙටි කාලීන ලාභ පිලිබද පමණක් සිතීම දෙරටෙි සබදතා වලට එතරමි සුභ නොවන බව කීමට පේන කීමෙී හැකියාව අවශ්‍ය නැත.

0 comments:

Post a Comment