Monday, June 28, 2010

ශ‍්‍රි ලංකා චීන මිත‍්‍රත්වය ඉන්දිවයාව ගැටලුවක් කර ගන්න එපා


ඉන්දියාව අපේ සදාකාලික අසල්වැසියායි චීනය සමග අලූතින් ගොඩනැගෙන මිත‍්‍රත්වය ගැන ඉන්දියාව බියවිය යුතු නැහැ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය සමග අරලියගහ මන්දිරයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.

ඉන්දියාව සමග ශී‍්‍ර ලංකාවේ මිත‍්‍රත්වය වසර 2500 කටත් එහා දිවයනවා එම මිත‍්‍රත්වයට හදවතින්ම ගරුකරන බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.

එහෙත් සෙසු රටවල් සමග ද මිත‍්‍රත්වය ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ආර්ථික වාසි ලබාගැනීම සදහා රටවල් වැඩි ගණනක් සමග මිත‍්‍ර සබදතා පවත්වා ගැනීම වැදගත් චීනය සමග ඇත්තේත් එවැනි සබදතාවක්.

ඔවුන් ශී‍්‍ර ලංකාවට පැමිණෙනවා වි්‍යාපෘති කි‍්‍රයාත්මක කරනවා පසුව පිටව යනවා. එහෙත් ඉන්දියාව එසේ නොවෙයි මෙරටට පැමිණ වි්‍යාපෘති කි‍්‍රයාත්මක කරන ඔවුන් මෙරටෙහිම නතර වනවා චීනය සහ ඉන්දියාව අතර ඇති වෙනස එය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

ඉකුත් වකවානුවේ මෙරට ඇතැම් රජයන් අනුගමනය කළ විදේශ ප‍්‍රතිපත්තිය වැරදි බවයි ජනාධිපතිවරයාගේ අදහස.

එමගින් අසල්වැසියා සතුරු කරගත් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

80 දශකයේදී සහ තවත් අවස්ථා කිහිපයකදී ශී‍්‍ර ලංකාවට අභාග්‍ය සම්පන්න සිදුවීම්වලට මුහුණදීමට සිදුවූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

අසල් වැසියා සතුරු කර ගැනීමේ එම වරද තම රජය යටතේ සිදු නොවනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා.

සීපා ගිවිසුම ගැනද මෙහිදී අදහස් පළ කෙරුණා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ එම ගිවිසුම මග හැරීමට උවමනාවක් නොමැති බවයි.

එහෙත් එය අත්සන් කරන්නේද නැත්ද යන්න තීරණය කිරීම සදහා පළමුවෙන් අවධානය යොමුකළ යුත්තේ රටේ ජනතාවගේ අදහස්වලට බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

එසේ නොමැතිව පළමු අවධානය අසල්වැසියාගේ අදහස්වලට නොවෙයි යන්න ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් ගිවිසුමෙන් ශී‍්‍ර ලංකාවට වාසි සැලසේනම් ඊට අත්සන් තැබීමට පසුබට නොවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

0 comments:

Post a Comment