Thursday, June 17, 2010

කොටි දඩයමෙි යන නෙදර්ලන්තය


LTTE කොටි සංවිධානය ශ‍්‍රි ලංකාවෙන් තුරන් කර තිබුනද යමි යමි විට එයට නැවත පණ පොවන්නට උත්සහ දරන අවස්තා ලංකාව තුල දක්නට නොලැබෙන තරමි උවද වෙනත් රට වලදී යමි යමි උත්සහයන් අපට දැකගත හැක.

එවැනි ප‍්‍රයත්නයක නිරත LTTE සාමාජිකයින් සිව් දෙනෙකු නෙදර්ලන්ත ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙදර්ලන්තයේ නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ මේ සිවි දෙනා නගර තුනකදී අත්අඩංගුවට ගැනුණු බවයි.

මොවුන් එල් LTTE ශක්තිමත් කිරීම සඳහා කලක සිට මුදල් ආධාර එකතු කළ අය බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි රේඩියෝ නෙදර්ලන්ඞ් සේවය කියා සිටියා.

පසුගිය අපේ‍්‍රල් මාසයේ මෙවැනිම LTTE හිතවාදීන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. මෙම සැකකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගැනෙන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසයි.

තවදුරටත් මෙවැනි පුද්ගලයින් ගැන තොරතුරු ලබාදෙන ලෙස නෙලදර්ලන්ත රජය එරට ජනතාවගෙන්ද ඉල්ලීමක්ද කර තිබෙනවා.

0 comments:

Post a Comment