Tuesday, June 29, 2010

කේ.පී. සමග දෙමළ ඩයස් පෝරාව වන්නියට


යුරෝපයේ දෙමළ ඩයස් පෝරාවේ සාමාජිකයන් පිරිසක් රජයේ ආරාධනාවක් මත ශී‍්‍ර ලංකාවට පැමිණ වන්නියේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ එල් ටී ටී ඊ සංවිධානයේ ජාත්‍යන්තර නායකයකු ලෙස සිටි කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් සමගයි.

ලන්ඩන් නුවර මූලික කර ගත් යුරෝපා දෙමළ ඩයස් පෝරාවේ නායක චාල්ස් ඇන්තනී දාස් ප‍්‍රකාශ කරන්නේ ශී‍්‍ර ලංකා ගමනේදී ආරක්ෂක ලේකම්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයාද හමු වූ බවයි.

ඔවුන් මෙම ගමනේ නිරත වී ඇත්තේ පසුගිය 14 වැනිදා සිට 20 වැනිදා දක්වා වූ කාලය තුළයි.

වන්නියේ ජනතාවට සහන සැලසීම පිළිබඳව සොයා බැලීම මෙම ගමනේ අරමුණ වූ බවයි දෙමළ ඩයස් පෝරාව සඳහන් කරන්නේ.

මෙම අවස්ථාව තමන්ට උදා කළේ කේගපීග බව චාල්ස් ඇන්තනී දාස් බීගබීගසීග ලෝක සේවයට ප‍්‍රකාශ කර තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් උතුරේ තත්ත්වය පිළිබඳවද තමන් දැනුවත් කළ බව ඔහු සඳහන් කළා.

වන්නියේ අවතැන් වූ ජනතාවට යුද හමුදා සෙබලූන් විසින් නිවාස ඉදිකරන අයුරු තමන් දුටු බවයි දෙමළ ඩයස් පෝරාව සඳහන් කරන්නේ ඒ කොඩිකාමම් ප්රදේශයේදීයි.

මෙම ගමනේදී ලක්රජය තමන්ගෙන් මුදල් ඉල්ලා නොසිටි බවද ඔවුන් අවධාරණය කර සිටිනවා.

මේ අතර දෙමළ ඩයස් පෝරාවේ සාමාජිකයන් පිරිසක් ශී‍්‍ර ලංකාවට පැමිණි බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාද තහවුරු කළා.

ඔහු සඳහන් කළේ කේගපීගගේ මැදිහත් වීම මත මෙම සාමාජිකයන් දිවයිනට පැමිණි බවයි.

සංහිඳියා වැඩපිළිවෙළකට මෙහිදී මුල පිරූ බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

0 comments:

Post a Comment