Saturday, June 12, 2010

පාපන්දු ලෝක කුසලානයට කොන්ඩමි මිලියන ගනණක්


ලෝකයේ අප‍්‍රිකානු ප‍්‍රදේශය පිලිබද කතා කරනවිට HIV / AIDS පිලිබද කතා කලයුතු තත්වයට පත්ව ඇත එනමි HIV / AIDS වි්‍යාප්තිය අප‍්‍රිකානු ප‍්‍රදේශයේ ඉතා සීග‍්‍රයෙන් සිදුවන නිසා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අතිවිශාල පිරිසක් දකුණු අප‍්‍රිකාවට පැමිණ තිබෙන අතර තවත් පිරිස් පැමීණීමටද නියමිතයි .

මෙ නිසා මෙි දිනවල රාත‍්‍රි සමාජ ශාලා පිරි ගොස් ඇති බවත් සදහන්. ඒ නිසා අවධානම තවත් වැඩිවි ඇත.

ඒ නිසා එරට රජය මෙම තත්වය අවම කරීමට යමි යමි ක‍්‍රියා මාර්ග ගෙන ඇත. තවද පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන දින වලදී එරට බොහෝ හෝටල් වල නවාතැන් ලබාගන්නා සංචාරකයින්ට කොන්ඩමි නොමිලේ ලබාදීමට කටයුතු කිරීමද විශේෂත්වයක්.

මෙහිදි මතුවන තවත් කාරනයක් නමි ලිංගික සේවා සපයන අයගේ මානව හිමිකමි රුකදෙන්නයි තවත් සමාජ කි‍්‍රයා කාරීන් පිරිසක් එරට රජයෙන් ඉල්ලා සිටීමයි.

තවද ඹවුන් රජයට පෙන්වා දෙන්නේ උපත් පාලන උපකරන බෙදාදීමෙන් හෝ ලිංගික සේවා සපයන පුද්ගලයින් අඩු කිරීම හෝ මෙයට විසදුමක් නොලැබෙන බවයි.

කෙසේ වෙතත් HIV / AIDS රෝගයට නිෂ්චිත ප‍්‍රතිකාරයක් තවම නොමැත එයට ගොදුරු නොවීම කයයුතු කිරීම තම වගකීමක් බවද මතක් කල යුතුය

0 comments:

Post a Comment